එද්දි ක්ලාස් එක පටන් අරන් තිබ්බ නිසා මෙයාලා තුන් දෙනාටම පිටිපස්සෙම පෝලිම් වල ඉඳගන්න හම්බුනේ. සයාශ්වුත් ඉඳගත්තෙ මෙයාලා ඉඳගත්තු පෝලිමට පෝලිම් 5 ක් විතර පිටිපස්සෙන්.
" මේ ඩියේෂිගේ අරයා හොයපන් දැන්! නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ "
වෙච්ච දේවල් ඔක්කෝම අමතක කරලා සිහේලි සියල්ලටම ප්‍රථම රාජකාරිය කරගත්තේ අශේන්ව හොයන එක. පරක්කු වෙලා ආපු නිසා හොයාගන්න අමාරු වුණා. සාමාන්‍යයෙන් අශේන් ඉඳගන්නෙ මැද පෝළිම්වල පඩි ගැට්ට පටන් ගන්න පෝලිමේ ඉඳන් 3 , 4 පෝළිම්වල වගේ. ඒ දිහාවට ඇස් යොමු කරපු මේ තුන් දෙනා අන්තිමේදී අශේන්ව හොයාගත්තා.
" අහ් අර ඉන්නෙ..අර ඉන්නෙ "
" ඕකා ඇදන් ඇවිත් තියෙන යට ඇදුමෙ පාට ඉඳන් මතකතියාගන්න..හෙට ඉස්කොලේ ගිහින් ඩියේෂිට කියන්න එපැයි "
ඒ එක්කම ත්රිමේෂගේ ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා.
" මතක් කරා විතරයි මෙන්න මෙකී call ගන්නවා!!"
"කට් කරපන්..අර වැඩ බලන අය්යා ආවොත් එහෙම "
" ඒක තමයි "
ත්රිමේෂා කට් කරලා වට පිට බලලා ආයේ ෆෝන් එක අතට ගත්තෙ ඩියේෂිට මැසේජ් එකක් දාන්න..ඒ වෙද්දිත් එයාලගෙ ග්රැප් චැට් එකට මැසේජ් 14 ක් ඩියේෂිගෙන් ඇවිත්..
" mata oyala nathuwa palauy "
" clz ekeda inne "
" koheda thopila inne "
" msg balapn 🔪🔪🔪"
" 4.30 y dn..clz ekata giyada 👀 "
" sudu mahaththaya innwd "
" ay ubala reply krnne naththe"
" haneewwwwwww"
" sudu mahaththaya diha kello baluwoth kiyapn..mn batman wage othanata piyabala awith e kellage as dekata anala ynnm"
" eya mokakda adan awith thiyenne "
" ubala eyage eha paththe neda idagaththe "
" ko yco ubalaaaaaaaaaaaaaaa "
" mokak hari prashneyak daaaa"
"aneeeeeeeeeeeeeeeeeeewwwwwwwwwwwwwwwwwww"
ඒ සේරම මැසේජ් දිහා හිනා වෙවී බලපු ත්රිමේෂා ,
" yco api clz eke inne ...heta wisthere kiynnm iscoledi..wishesha deyak kiyanna thiyenewa.."
අනිත් පැත්තට ඩියේෂි ටයිපින් වැටුණා.
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."