" බාබා නැගිටින්න...බාබා කෝ...5 ත් වෙලා..6 වෙද්දි ඉස්කොලේ ඉන්න ඕනේ කිව්වා නේ.."" ම්ම්..විනාඩි දෙකකින් නැගිට්ටවන්න "
" මොන විනාඩි 2 ක් ද...නැගිටින්න නැගිටින්න දැන්..ලීලා...... බේබිගේ තේක ගේන්න කාමරේට "
ඇස් පොඩි කරන් ඔලුවත් කස කස තඩි ඈනුමකුත් ඇරන් ඇගේ හිරි ඇරලා නිදිමතේම වොශ් දාන්න ගියපු ඩියේෂි දැන් මේ ලෑස්ති වෙන්නේ ඉස්කොලේ යන්න. ඉස්කොලේ උපන්දිනය වෙනුවෙන් අද පිරිත් කියලා දානයක් දෙනවා.
" අනේ අම්මේ!!!! මේක තදයි..බුරුල් කරලා ගැටගහන්න..හැබැයි ගැලවෙන්න ගැට ගහන්න එපා.."
"හය්යෝ මේ අවුරුදු දාහතකට කිට්ටු ලමයෙක් නේද ලමා සාරිය ඇදගන්න බැරුව දඟලන්නේ "
ඩියේෂි නම් පොඩි එකෙක් වගේ මූණත් ඇඹුල් කරන් ලමා සාරියේ යට රෙද්ද අරහෙට මෙහෙට කරකව කරකව ඉන්නවා.කොහොම හරි ලෑස්ති වෙලා උදේ 6 ට ඉස්කොලේ එන්න කියපු එක්කෙනා ගෙදරින් යද්දීත් වෙලාව 6.15 යි. ඩියේෂිගේ ගෙදර ඉඳන් විනාඩි 5 ක 10 ක දුර ඉස්කොලේට නිසා ටග්ගාලා යන්න පුළුවන් උනා. කොහොමත් ඉතින් ඩියේෂි වෙලාවට වැඩක් කරන කෙනෙක් නෙවෙයි නේ.
ඉස්කොලේ ගේට් එක ගාවින් ඇතුලට ආපු ගමන් උදේ පාන්දර පොඩි එකෙක් අල්ලන් මල්ෂි කෑගහනවා.
" අනේ මේ නන්ගි..මෙතන පිස්සු නටන්නේ නැතුව තව ලමයි ටිකක් එක්ක ගිහින් පුටු ටික අඳින්න..හැබැයි මන් එද්දි පුටු හෝල් එකේ තිබ්බේ නැත්තන් බලාගන්න පුළුවන්! "
අර පොඩි එකා හ්ම් සද්ද නැතුව අහන් ඉන්නවා. ඩියේෂිත් අතේ තඩි බෑග් එකක් උස්සන් ඒ පැත්තට ආවා.
" ගුම්මෝනින් "
" ආන්න ප්‍රියම්භිකාව වැඩලා...බලපන් වෙලාව "
" හරි බන් මේ රෙද්දෙ ලමා සාරිය අඳින්න වෙලා ගිය..සිහේලියි ත්‍රිමේෂයි ඇවිත් නැද්ද තාම?"
" නෑ උන් දෙන්නා තාම නෑ..තව ටිකෙන් එයි ..මේ වැඩ ටික ඉවර කරලු ඊයේ දවස ගැන විස්තර කියන්නම් උබට..ආයේ නෑ ඊයේ දවස නම් පිස්සුවක්..."
" මගේ කුතුහලේ දැන් තියෙන්නේ උපරිම අවස්ථාවක "
"හරි ..උබ ගිහින් අර දාන ශාලාව බලපන් පොඩ්ඩක්. මන් මේ හාමුදුරුවන්ට ආසන හදලා ඒ පැත්තට එන්නම් "
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."