" යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා....
හෙට රෑ වෙලා එළිවෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුඹ ගන්නවා නම් ආපිට
යනවා.. කැන්දා..වෑහෙන්නම් මා.. ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා.. නුඹගේ ඇස් පුරා රැඳිලා.. "" ආව්ස් ආව්ස් ඇස් මුණ ගැහෙන වෙලාව මතක් වුනාද ඩියේෂි "
" කටවහපාආආආආනන්...මගේ අතේ ගිටාර් එක තිබ්බ නිසා උඹ බේරුනා කියලා හිතාගන්න මල්ෂි!!!!! "
ඔන්න ඉතිම් අද බදාදා. හතර දෙනාම දැන් මේ ඉන්නේ ඩියේෂිලගේ ගෙදර .ඩියේෂිගේ අම්මයි තාත්තයි දෙන්නම අදයි හෙටයි අවුට් ඔෆ් කලම්බු නිසා ඩියේෂි යාලුවෝ තුන් දෙනාටම ගෙදර එන්න කිව්වා . ගොඩක් වෙලාවට ඩියේෂියි ඩියේෂිගේ යාලුවෝ තුන් දෙනායි ඒ ඒ අයගේ ගෙවල් වල හරි කතා වෙලා යන කොහේදි හරි හම්බෙනවා.ගෙවල් වලින් වුත් මේ හතර දෙනා හොඳම යාලුවෝ නිසා යන්න දෙනවා. ඒ වුනාට වැඩිය දුර නම් යන්න දෙන්නෙ නෑ.ඉතිම් අද ක්ලාස් වුත් තියෙන නිසා ක්ලාස් එකට ලගමත් ඩියේෂිලගේ ගෙදර නිසා එහෙදි එකතු වෙන්න මෙයාලා තීරණය කරා.
ඩියේෂිට විතරක් නෙමේ මේ හතර දෙනාටම ලස්සනට සින්දු කියන්න පුලුවන්. හතර දෙනාම මියුසික් ගැන ඉගෙන ගෙන තියෙනවා. ඩියේෂිට නටන්නත් පුලුවන්.
අද ක්ලාස් එක ගැනයි,වට පිටේ තියෙන සේරම ඕපදූප කතා කර කර ,කකා බිබී සින්දු කිය කිය හිටියා.
" අද නම් මං ඌ එක්ක හරි උගේ යාලුවො එක්කෙනෙක් එක්ක හරි කතා කරලා විස්තරයක් හොයා ගත්තෙ නැත්තන් මගේ නම ඩියේෂි නෙමේ"
" අහ් උබට කියන්න බැරි වුණා නේ ..ගිය සතියේ සර් කිව්වා අද අපේ මුලු ක්ලාස් එකම ග්රූප් වලට කඩලා project එකක් බාර දෙනවා කියලා "
" අඩෝ ඔව්මයි ..කොහොමද ග්රූප් එකට උබේ සුදු මහත්තයාව සෙට් උනා නම් ..ම්..ම්.."
" එහ්හ්හ්හ්හ් ...සිරාවටම ...මරු නේ ..කිව්වත් වගේ සුදු මහත්තයා සෙට් උනා නම් වැඩේ ගොඩ "
" ඔව් ඈ..බලමුකෝ "
ඩියේෂිට මල්ෂි ඒ කියපු දේට නම් මාර සතුටක් ආවේ .දැන් නම් ඩියේෂිට ක්ලාස් යන ඉවසිල්ල නැත්තටම නැතිවෙලා තියෙන්නේ.
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."