අපි ආපු බෙන්ස් එක havelock city mall එකෙ වම්පැත්තට වෙන්න තිබුණු පාකින් එකෙ නැවැත්තුවා.. අනෙ දෙයියනෙ මට නම් බෑ එන්න... කිරි අම්මෙ.... අනේ මාව මේකෙන් බේර ගන්නකො... මම දන්න කියන ඔකොම දෙවියො සිහි කරල යන්න බෑ කියලම හිතින් කිව්වා.. ඒත් මගෙ එහා පැත්තෙ ඉන්න පෝලිසාදය මගෙ අතපය ඔක්කොම බදාගෙනම අතින් අදිනවා අදිනවා ඉවරයක් නැ.. මේ යකාට මේ මගුල අස්සට යන්න ඕනමලු.. ගියොත් නම් පුතේ ඇදන් ඉන්න ඇදුම් ටික සල්ලි වෙනුවට තියා ගන්න දීලා නිර්වස්ත්රන් තමයි එන්න වෙන්නෙ.. යන්න එපා මයෙ අම්මා.. ඔය මකර කටට නම් යන්න එපා..!
"එනො යන්න..."
වෙනුර නම් කිසි ගානක් නැතුව යන්න කතා කරනවා.. මූට නම් මොකද මේක පුරුදු ඇති.. මේ හිඟන මට සල්ලි නෑ කියල මූ බූරුවට තේරෙන්නෙ නැද්ද...?
"මට බෑ..."
"ඇයි දැන්...?"
"මට බැ...."
"හරි දැන් උබට බෑනෙ...??"
"බෑ...."
"ඇයි දැන් බැරි...?"
ශික් විතරක්.. ඇයි බැරි කියලත් අහනවා.. මන් අහන්නෙ.. මන් අහන්නෙ මුගෙ මොලේ හිර වෙලාද තියෙන්නෙ..? උගේම ඇදුම් ඇදන් ඉන්න මගෙන් මේ මගුලට යන්න අහන්නෙ.. මොලේ උණ හැදිලද යකෝ උබට...??
"මට සල්ලි නෑ..."
"දැන් මම උබෙන් සල්ලි ඉල්ලුවද පගො... ආත්තම්මා කාඩ් එක දුන්නා... මෙන්න මෙහෙ වරෙන් පිස්සු හුම්තා...!!"
වෙනුර මාවත් ඇදගෙනම havelock එක ඇතුලට ගියා.. අපි එක්ක ආපු අපේ ඩ්රයිවර් අයියා ශෝන් බෙන්ස් එකටම වෙලා ඉන්නම් කියල කිව්වෙ මටයි වෙනුරටයි හිතේ හැටියට ශොපින් කරන්න ඕන තරම් වෙලා දීලා.. havelock city mall එක තට්ටු හයක් විතර තියෙන ලොකු සාප්පු සංකීර්ණයක්.. මේක මන් ජීවිතේ පලවෙනිවතාවට යන ලොකුම ලොකු shopping mall එක කිව්වොත් හරි.. ඇත්තටම මන් වගෙ කෙනෙක් මේ වගෙ එකක් බලන්න යන එකත් විහිලුවක්.. ඒත් ඉතින් මේකත් මේ විදිහට උනා.. මට මනීශාව මතක් උනා.. කෙල්ල නම් විශ්වාස කරන එකකුත් නෑ මේ වගෙ එකකින් මම ඇදුම් ගත්තා කිව්වොත්...!
අපි මුලින්ම කාර් පාර්ක් එකේ ඉදල ගියේ පලවෙනි තට්ටුවට.. මේකෙ ස්පා සිලෝන් වගෙ එක එක බියුටි අයිටම් තිබුණු කඩ කීපයක් තිබුණා.. ස්පා සිලෝන් ගැන නම් මීට කලින් මන් අහල තිබ්බා.. ඒකත් ඉතින් මනීශා නිසා තමයි.. කොලු ටයිප් එකට හිටියට මනීෂා ඔය කොස්මැටික් එව්වට ආසයි.. දන්නැද්ද ඉතින් කෙල්ලොනෙ...! වෙනුර මාවත් ඇදගෙන එයින් කීපෙකට ගියා.. ඇත්තටම මේකෙන් දේවල් ගන්නවට වඩා ආසාවට ඇවිදල බලන්න මටත් ලොකු ආසාවක් තිබුණා.. අපි දෙන්නත් එක්කම ඒ ශොප් ගානෙ ඇවිදල බැලුවා.. ඇත්තටම මට ඒවගෙ තිබුණු කිසිම දෙයක තේරුමක් තිබ්බෙ නෑ.. ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද කියල මන් දැනගෙන හිටියෙ නෑ.. ස්ක්රබ් කියයි ෆේෂ් මාස්ක් කියයි ටෝනර් කියයි... මන් ඔය මෙලෝ සංසාරයක් දන්නෑ.. අඩුම ඕවා ගාන්නෙ මූනෙද නැත්නම් පුපේද කියලවත් මන් දන්නෑ... ඇත්තම කිව්වොත් සමහර ඒවගෙ නම් පවා මම ඇහුවෙ අද..
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Roman d'amour"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...