දින කෙමෙන් කෙමෙන් ගෙවී ගියා . සොකරිය රග දක්වන දිනේට කලියෙන් සෙංකඩගල දිහාවට ගොහින් සියල්ල සූදානම් කර ගන්න ඕනෑ උනු නිසාම ආරච්චි හාමු ඇතුලු සංවිධායකයන්ද කාල සහ චේතු ඇතුලු නළු නිළියන්ද සෙංකඩගල පුරවයට යෑමට ලක ලැහැස්ති උනා . අලුයම් දොහේම දුම්රියට නැග ගත් සියල්ලෝම සෙංකඩගල ලගා වන තෙක් නොයිවසිල්ලෙන් සිටින්නට උනා .
තුන් වන පංතියේ ගමන් ගන්නට වූ සියල්ලෝම තැලී පොඩී යන්නට වූවා . නමුත් කෙසේ හෝ ඉඩක් සාදා ගත් චේතුත් කාලත් පදික වේදිකාවෙහි ඉන්නට උනා . සීඝ්‍රගාමි වේගයෙන් ඇදෙන්නට වූ දුම්රිය පසු කරමින් යන්නට වූ හරිත ගිරි දුර්ගයන් තැනි තලාවන් දිය ඇළි බොහෝමයක් සියල්ලෝ ගෙහිම දෑස් චමත්කාරයෙන් මන්වත් කරන්නට උනා .
තවමත් අලුයම් මීදුම මැද විසෙරෙන්නට වූ පිනි බිදු දුම්රියෙහි යකඩයන් ගෙහි ගැටී චේතු ගෙත් කාල ගෙත් ගත පුරාවටම දැවටෙන්නට උනා . නෙත යොමන සෑම ස්ථානයකම හරිත පැහැයත් සුදෝ නීල පැහැයත් හැරෙන්න වෙනත් කිසිවක්ම නොතිබුනා . නමුත් එහි තියෙන්නට වූ දැකුම්කළු ස්වාභය අනෙක් සියල්ලන්ටත් වඩා ඉහළින්ම දිස් වන්නට උනා .
" සෙංකඩගලට යන දිහා මේ තරම් ලස්සනට තියේවී කියලා මං නම් හිතුවේ නැහැ .. ඒත් පුදුමාකාර ලස්සනක් මේ පරිසරයේ තියෙන්නේ .. දැක්කත් මුලු හිතම නිවනවා .. "
" සෙංකඩගලට ගියෝතින් උබ මීට වඩා පුදුම වේවී .. "
" ඇයි .. ?? මීටත් වඩා ලස්සනයිද .. ?? "
චේතු කුතුහලය පිරුණු ස්වරූපයකින් අහන විට කාල ගෙහි මුව අද්දර රතු ඩේලියානු සිනහවක් ආඪ්‍ය උනා .
" නැතුව නැතුව .. සෙංකඩගල කියන්නේ පිංවත් පුරවරයක් .. මගේ කරුමෙකට මට සෙංකඩගල උප්පැත්තිය ලබන්න බැරි උනා "
" ඒ කියන්නේ උබ මීට කලියෙන් සෙංකඩගලට ඇවිත් තියෙනවා .. ?? "
" හ්ම්ම් .. මම නිතරම වගේ ඇවිත් තියෙනවා .. "
" ඒ කියන්නේ උබ මැරෙන්නත් කලින් නේද .. ?? "
චේතු අසන්නට වූ දෙයට කාල තම හිස සොලවමින් පිළිතුරු දෙන්නට උනා . කොඩි විනයක් පෑගී මැරෙන්නටත් කලියෙන් ඉහේ කෙස් ගානට කාල සෙංකඩගලට අවුත් තිබුනා . නමුත් තමා ගෙහි වියෝවෙන් අනතරුව අරුන්දතී ගෙහි යන්තරේට කොටු වන්නට සිද්ද වූ කාල ගෙහි යක්ෂ ආත්මයට නැවත සෙංකඩගලට ඒමට හැකියාවක් තිබුනේ නැහැ .

YOU ARE READING
කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊 ✔✔
Non-Fictionප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024 End : 11 / 01 / 2025