• 25 කොටස •

484 83 72
                                    

රොන් තුඩින් මත් වුනු බඹරෙකු මෙන් මන්දාරම් සෑදෑවේ සිටම කාල චේතු වටා කැරකෙමින් උන්නා . තඹර දාස්පෙතියානු රේණු තුලින් පැස්ටල් කල පයෝධරයන් නේක නේක කෝලම් මවමින් අහස් කුස වර්ණ වත් කරන්නට උනා . විලංගු විරහිත බිගුවන් තම නිදහස සැමට පෙන්වන්නාක් මෙන් පයෝධරයන් පිඩා දමමින් මුලු අහස් ගර්භාෂය පුරාවටම තටු විහිදන්නට උනා .

තම දෙයියන් වහන්සේ හට පොරොන්දු වූ විලසම කාල පහනක් පත්තු කරමින් දෙයියන් වහන්සේ හට ස්තූති කරන්නට උනා . ඉන් අනතුරුව චේතු ගෙහි කාමරය තුලට ගොඩ වන්නට වූ කාල ජනෙල් කණ්ඩිය දෙසට බර වී මන්දාරම් සැදෑවේ කෝලම් රටාවන් දිහා බලාන ඉන්න චේතු දෙසට සෙමින් තම අඩිය බර කලා . ප්‍රිම්රෝස් තැවරුනු පියෝනියානු හැගීම් පුබුදු කරන චේතු ගෙහි කුසුඹ කාල ගෙහි සිත අසංවර කලා .

චේතු ගෙහි පිටු කය කාල ගෙහි දරදඩු පපුවෙහි ස්පර්ශ වන තෙක්ම කාල චේතු හට ලං උනා . කාල ගෙහි සිනමන් මිශ්‍ර ගැඹුරු සුසුමන් චේතු ගෙහි බෙල්ල පා මුල කිති කවන්නට වූ නිසාම චේතු එකලෙහිම තමා ගෙහි බෙල්ල හරවමින් කාල දෙස බලන්නට උනා . නමුත් චේතු ගෙහි බද වටා තම රළු දෑත් වෙලා ගන්නට වුනු කාල කැෆේන් මිශ්‍ර තම උණුසුමට චේතුව තවත් සිර කර ගත්තා .

" මොකෝ මේ කවදාවත් නැතිව මේ තරම් මගේ තුරුලේ දැවටෙන්නේ .. ?? "

චේතු කුමුදු මල්මය සිනහවක් තම දෙතොල අතරේ රදවා ගනිමින් අසන විට කාල තම සිනමන් තැවරුනු උණුසුමෙන් බර වූ තොල් පෙති චේතු ගෙහි බෙල්ල පා මුලින් තද කරමින් සියුම් හාදු තවරන්නට උනා .

" ම්ම්හ් දැන් මට උබ එක්කලා දැවටෙන්නත් තහනම්ද .. ?? "

මී පැණි වරණයෙන් දිස් වන චේතු ගෙහි සම සියුම්ව සැපීමට ලක් කරන්නට වූ කාල නොනවත්වාම චේතු ගෙහි සම මතින් සලකුණු ඉතිරි කරන්නට උනා .

" කා .. ල .. "

" අදවත් අවසර දෙනවද උබෙයි මගෙයි සීමාවල් බිදින්න .. ?? "

කාල තම දෝතට චේතු ගෙහි වත මඩල මැදි කර ගත්තා . හීනියට සේන්දු වන ලැජ්ජාවකින් චේතු ගෙහි කොපුල් ප්‍රිම්රෝස් මෙන් හැරෙන්නට වෙද්දි චේතු තම තොල් එකිනෙක තද කර ගන්නට උනා . චේතු දෙස කුමුදු මල් පීදෙන අසංවර කමකින් බලාන උන් කාල තම මහපඩ ඇගිල්ලෙන් සිනිදු පිහාටුවක් මෙන් චේතු ගෙහි තොල් පෙති පිරිමදින්නට උනා .

කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊 ✔✔Where stories live. Discover now