18 වන සකය

478 67 9
                                    

දැන් රෑ එකොළහත් පහුවෙලා අහවරයි.. කොළඹ මල්වත්ත පාරේ පැත්තකින් කළුපාට BMW රථය නතර වෙලා තියෙන්නේ දැන් පැය පහකටත් ආසන්න කාලයක් තිස්සේ.. පාරේ තනියට පාලු මකන්න හඳ එළියට අමතරව තැනින් තැන තියෙන ලයිට් කණුවල එළියත් එකතුවෙලා තිබ්බේ හරියට  මඟ වැරදුණු කෙනෙක්ට පාර හොයලා දෙන්න වගේ..

කොහෙන් කොයින් විදියට මනුල මේ පැත්තට ආවද කියන්න නම් මනුලවත් දන්නැතුවැති.. ඒත් වාහනේ මෙතන නතර වුණු වෙලාවේ ඉදන් නොනැවතුණ හැඬුම් නම් වාහනය පුරා දෝංකාර දෙන්නැති..

සමහරවිට මනුල සුහඳට මෙච්චර ආදරේ නොකර නම් කොල්ලගේ රිදීම් මීට වඩා අඩුවෙන්නත් තිබ්බා.. පපාගේ කටින් පිටවෙච්ච නරකම වචන ටික අද පිටවෙද්දි අහිංසක මනුලගේ හිත පොඩි පොඩියට බිඳෙන්න ගියේ තප්පර ගාණයි.. ඇඟේ තිබ්බ ගට අරන් ගෙදරින් ආවට මොකද කොල්ලට දැන් හරියටම යන්න තැන් හතරයි තිබ්බේ.. ඒ තැන් වලින් යන්නේ කොහාටද කියන එක ගැන මනුලට කිසිම අදහසක් තිබ්බෙම නැති තරම්..

මිනිස් පුළුටක් නැති තමන්ගෙම ගෙදර ද, එහෙමත් නැත්නම් මුහුද ද, කම්පැණි එකද මේ ඔක්කොම පසෙකට තිබ්බොත් සිහිනගේ ගෙදරට ද? මේ නම් ටික  මනුලගේ හිත ඇතුළේ දෝංකාර දෙන්න පටන් අරන් තිබ්බේ බොහෝ වෙලාවක් තිස්සෙයි..

ඇස්වලින් දරාගන්න අමාරුවට වැටෙන කදුළු නවත්තන්න සිය දහස්වෙනි වතාවටදෝ කොල්ලා ස්පෙක්ස් දෙක ගලවලා ආයේ අතින් පිහදම්මේ ඇස් අඟ දැන් දැන් වෙද්දි දැවිල්ලටත් ඇවිත් තියෙන වෙලාවක..

මනුල ෆෝන් එක අතට අරන් බොඳවෙච්ච ඇස් වලින් වෙලාව බැලුවා.. 11.09යි දැන් වෙලාව.. දෙපාරක් නොහිතම කොල්ලා සිහිනට කෝල් එකක් ගත්තේ ආයෙත් ඔය කෝල් එක ගන්නව දෝ නැත් දෝ කියලා හිතන්න ගත්තොත් කොහොමත් ගන්නැති නිසාමයි..

"ක් හැම්.. ක්ක්ක්ම්ම්ම්ම්.. ක්හැම්.."

කෝකටත් කියලා ෆෝන් එක පැත්තකට කරලා කොල්ලා උඟුර පාදාගත්තේ සිහිනට නෝට්වෙයි කියලා බය හිතිලයි.. මොකද මනුලගේ වොයිස් එක දැන් ගන්න දෙයක් නැහැ කියලා මනුල හොඳටම දැනගෙන හිටියේ..

"හෙලෝ නයිටිංගේල්"

සිහිනගේ කටහඬ ඇහුණත් හරි මනුල සැනසුනා වගේ ඇස් දෙක පියාගෙන ශීට් එකට බර වුණේ.. මෙච්චර වෙලා හොයපු දේ හම්බෙලා කියලයි මනුලට හරියටම තේරුණේ..

සකපෝරුවWhere stories live. Discover now