වසර 200ක් ආපස්සට........
එදා පුරහද දවසක්...වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහනය සිදු වෙන දවස....මුලු වෘක සංහතියම එක් තැනකට රැස් වුනා....ඒ චන්ද්‍ර වංශයේ රජ මාලිගයට.....
ලොව ප්‍රථම වතාවට සද දෙව්දුවගෙන් වරම් ලත් දරුවා බිහිවෙන දිනය.....ඔමේගගේ කුසේ ඉන්න දරුවට පියෙක් නැති උනේ ඒ දරුවා සද දෙව්දුව විසින් ඇගේ කුසට ලබා දුන් ත්‍යාගයක් වන නිසයි......
වෘක ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි ඔමේගා කෙනෙක් බිහි කිරීම මුලු වෘක සංහතියම සැමරුවේ එකම සතුටකින්...ලොව පිවිතුරුම ආත්මය ,ලොව පිවිතුරුම ජීවය දෙව්දුව විසින් ඔමේගගේ කුසේ සැගවුවේ නව මසකට පසු මේ අයුරින් බිහි වෙනවා දකින්න.....
ඒ සද දෙව්දුවගේ පලවෙනි පොලවට වැඩීම....දරුවා බිහිවනවත් සමග මුලු අහසම දම් පැහැයටත්, මාලිගය වටා ඇති සියලු ජල උල්පත්වල ජලය ලා නිල් පැහැයකටත් හැරෙන්න ගත්තා....එදින සද පෑයුවේ මද්දහන වේලාවේ...
දරුවා මෙලොව එලිය දුටු විට පලමු වර ඔහුව තම දෑතට ගත්තේ සද දෙවිදුන් විසින්.....
"අද සිට මගේ දරුවව මම මේ ලෝකෙට බාර කරනවා....ඔහු දැන් මේ ලෝකේ දරුවෙක්...ඒ ආත්මය අයිති මෙලොවට...."
අලුත උපන් දරුවගේ නලල සිප ගත් දෙව්දුව දරුවව යලිත් ඔමේගට භාර කලේ දෙව්දුවගේ රුව මීදුමත් සමග නොපෙනී යද්දී........
මේ අතරේ සුර්‍ය වංශයේත් මෙවැනිම සිදුවීමක් සිදු උනා...
සූර්‍ය දෙවිදුන් මෙලොවට ලබා දුන් පලවෙනි දරුවා...දෙවියන්ගේ ශක්තිය එක්ක මෙලොවට ගෙනාවේ සද දෙවිදුගේ දරුවාගේ ආරක්ශකයෙක් විදියට....ඔමේගගේ පිවිතුරු බවට පෑහෙන්න වෙනත් දෙයක් තියනවනම් ඒ හිරු දෙවිදුගේ දරුවගේ ශක්තිමත් බව.......
......................................................................
පුන්චි පිරිමි දරුවන් හත් දෙනෙක්....හරිම සතුටින් සෙල්ලම් කරනවා...එකිනෙකා පස්සේ පන්නමින් වටේ දුවන ගමන්,සිදු වෙන පුන්චි පුන්චි ආබාද වලින් අසීමිත සතුටක් ලබන ඒ පිවිතුරු කුඩා දරුවන් අතර ඒ ඔමේගාත් හිටියා..ලොව බිහි උනු විශේෂතම ජීවය....පිවිතුරුම ආත්මය.....