වර්තමානය
ජන්කුක් නැගිට්ටේ හොදටම දාඩිය දාලා...එයා ඒක දැක්කා..ආයෙමත් ඒ හීනේ...ඒ භයානක හීනය..කවදාවත්ම සැබෑ නොවෙන්න ප්රාර්තනා කරපු ඒ හීනය...
එකපාරටම ඇහැරුනු එයා හෙවුවේ ටේ හ්යුන්ග්ව.....
ටේ හ්යුන්ග් එයාගේ ලගම නිදි..පුන්චි කොටි පැටියෙක් වගේ එයාගේ ලගටම ගුලි වෙලා...
ඉක්මනින්ම වැටිලා ඉදිය තැනින් නැගිට්ට ජන්කුක් ටේ හ්යුන්ග් ලගට තවත් ලන් වුනා...ටේ හ්යුන්ග් ගේ කෙස් අතරින් ඇගිලි යවපු ජන්කුක් හිමින් එයාගේ ඔලුව අතගෑවා....
"නෑ....මම ඔයාට මොනවත් වෙන්න දෙන්නේ නෑ ටේ හ්යුන්ග් .."
ජන්කුක් ටේ හ්යුන්ග් ගේ ඔලුව සිපගත්තේ හරිම පරිස්සමින්..සැරින් සැරේ එයාගේ ඔලුවට ආවේ එයා ඒ දැකපු හීනය...එහෙමත් නැත්නම් දෙව් දුව කියුව එයාලගේ අනාගතය..එයාගේ අතින්ම ටේ හ්යුන්ග්ගේ ජීවිතේ නැති කරද්දිත් අන්තිම වතාවට ටේ හ්යුන්ග් එයාට ආදරෙන් කතා කරපු විදිය ආයේ ආයේ සිහිය එනකොට ජන්කුක්ගේ ඇස් වල කදුලු ඉනුවේ නිරායාසයෙන්මයි ...
ටේ හ්යුන්ග් ගේ ඔලුව එයාගේ පපුවට තදින්ම තද කරගත්තු ජන්කුක් ටේ හ්යුන්ග් ව බදාගත්තා...
ඒත් එක්කම ටේ හ්යුන්ග් හිමින් එයාගේ ඇස් ඇරියා..කෙලින්ම ජන්කුක්ගේ ඇස් දිහා බලපු ටේ හ්යුන්ග් ජන්කුක් එක්ක හිනා වුනේ හරිම ආදරෙන්....
"හා පැටියෝ මොකද ඔයා බය වෙලා?"
ජන්කුක්ගේ තුරුලට තවත් තුරුලු වෙන ගමන් ටේ හ්යුන්ග් ඇහුවා..."මුකුත් නෑ මගේ චූටි සෝස මල..."
හිතේ බය තිබුනත් ඒ දේ ටේ හ්යුන්ග්ට කියන්න ජන්කුක්ට ඕනි උනේ නැහැ...."හ්ම්ම්...ඒත් මට මොනවහරි දැනෙනවා...ඔයා බයෙන් නේද ඉන්නේ?" ටේ හ්යුන්ග් අහනකොට ජන්කුක් කලේ කතාව වෙනතකට හරවපු එක...තාමත් වැටිලා ඉන්න සුගාටත් ජීමින්ටත් එයා අවදානය යොමු කලා.....
ටේ හ්යුන්ග් ජන්කුක් ජීමින්ග් සුගා මේ හතර දෙනාම ඉදියේ කැලේ මැද...සද දෙව්දුවගෙත් ,හිරු දෙවිදුන්ගෙත් පනිවිඩයෙන් පස්සේ සිහිය නැතිව එතනම වැටුනු හතර දෙනා පැය දෙකක් පමන අසිහියෙන් ඉන්න ඇති...