A Rose Among The Thorns

1K 204 45
                                    

රෝස මලක් කියන්නේ බොහොම පිවිතුරු අලංකාර දෙයක්.....ඒ වගේම ගහක තියන රෝස මලක් අපි කඩන්න ගියොත් අපේ අතේ කටු ඇනෙන්න පුලුවන්.....ඒ කටු තියෙන්නේ මලේ ආරක්ශාවට....ඒ වගේම තමයි ටේ හ්‍යුන්ග් කියන රෝස මලේ කටු නටුව තමයි ජන්කුක් කියන්නේ..අපි නටුව මගැරලා මල කඩන්න ගියොත් අපිට ලැබෙන්නේ මලේ පෙති විතරයි...එතකොට ඒක තව දුරටත් මලක් නෙවෙයි....මලේ පෙති එකට තියනකොටයි ඒක මලක් වෙන්නේ...මලේ පෙති වෙන් වුනාම එතන තව දුරටත් මලක් නෑ...ඉතින් ජන්කුක්ගෙන් ටේ හ්‍යුන්ගව වෙන් කලොත්........තව දුරටත් ඒ මල ඉතිරි වේවිද???
........................................................................

එදින ටේ හ්‍යුන්ග් ගේ වගේම ජන්කුක් ගෙත් දහ අට වෙනි උපන්දිනය ලබන දවස...හැමදෙනෙක්ම බලන් ඉදියේ මධ්‍යම රාතී දොලහා වෙනතුරු....මේ දෙන්නගෙම උපන්දින උත්සවය එකටම සමරන්න සූර්‍ය වංශයත් ,චන්ද්‍ර වංශයත් තීරනය කලා...ඒ වගේම එදින තව විශේෂ දෙයක් සිදු වෙන්න තිබුනා.....

චන්ද්‍ර වංශයේ රජමාලිගය තුල මේ උත්සවයට හැමදේම ලෑස්ති වුනා....සියලු රජ වංශ වල පවුල් මේ උත්සවයට සහභාගී උනා.......

එයාලා වෙනුවෙන් උනත් මේ උත්සවය සූදානම් වුනේ.....ටේ හ්‍යුන්ග් සහ ජන්කුක් ඉදියේ වෙනම ලෝකයක....අනෙක් අය සංගීතය, අහාර වලට මුල් තැනක් දුන්නත් මෙයාලා කලේ එයාලගේ කාලය සුපුරුදු යහලුවන් හත් දෙනා සමග ගත කරපු එක........

ඒත් ටේ හ්‍යුන්ග් බලන් ඉදියේ ජන්කුක්ට මේ  දහඅට වෙනි උපන්දිනය අමතක නොවෙන එකක් කරන්නයි....

ජන්කුක් බීම වීදුරුවකුත් එක්ක ටේ හ්‍යුන්ග් ලගට ආවේ පුන්චි යෝජනාවක් කරන්න හිතාගෙන......ආදරනීයව එක බීම වීදුරුවක් ටේ හ්‍යුන්ග්ගේ අතට දුන්න ජන්කුක් ඊටත් වඩා ආදරෙන් ටේ හ්‍යුන්ග්ට කතා කලා......

"මගේ රෝස මල,ඔයාට මහන්සිද? "

ජන්කුක් ඇහුවේ ටේ හ්‍යුන්ග්ගේ ඉන වටේ අතක් යවමින් එයාව ලං කරගන්න ගමන්......

"නෑ හා පැටියෝ...මහන්සි නම් නෑ....ඒත් මට දැන් ඕනි ඔයත් එක්ක ටිකක් තනියම ඉන්න....."

ටේ හ්‍යුන්ග් කිවුවේ ජන්කුක්ගේ ගෙල වටේ අත් යවලා එයාට තුරුල් වෙමින්....

Moonchild ✔️✔️Where stories live. Discover now