අවුරුදු 200කට පෙර
එයා හිටියේ හරිම අමාරුවෙන්....වෘක මිනිසෙක්ට තමන්ගේ දෛවයෙන්ම එන මේට්ව ප්රතික්ෂේප කරනවා තරම් තවත් විදවීමක් නෑ.....ඒ වේදනාව මරනයටත් වඩා දරුනු එකක්...ශාරීරකව වගේම හදවතිනුත් ඒ වේදනාව නොඅඩුව දැනෙනවා......
"ඇයි...? ඇයි ලමයෝ මේ තරම් විදවන්න ඔයා එයාව ඔයාගේ මේට් විදියට ප්රතික්ෂේප කලේ?" පූජකතුමා ඇහුවේ හේතුව දැනගෙනමයි.....
"මොකද මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා...දෛවයට හැමදේම තීරනය කරන්න දෙන්න මට බෑ..." එයා උත්තර දුන්නේ දෙපාරක් හිතන්නේ නැතුවයි.....
"කවදහරි දෛවය ඔයාව බලාගනි" පූජකතුමා මීදුම අතර නොපෙනී ගියේ ඒ වචනත් එක්ක.....
........................................................................
වර්තමානය
ස්කෝලෙදි සිද්ද උන නොහිතපු සිදුවීමෙන් පසු හැමදේම වෙනස් උනා....ජන්කුක් ,ටේ හ්යුන්ග් තව දුරටත් එකිනෙකාව අපහසුතාවයට පත් කරන්න ගත්ත උත්සහය අඩු උනා....ඒ වෙනුවට දෙන්නටම සිද්ද උනේ දකින දකින හැමවෙලාවෙම එකිනෙකාව මගාරින්න......
නිල් පාට උනු ඇස් එකිනෙක හමු උනායින් පස්සෙම ඒ දෙන්නට දැනුනේ විස්තර කරගන්න බැරි හැගීමක්...හරියට එයාලගේ හදවතේ කොටසක් කවුරු හරි කෙනෙක් හොරකම් කරලා වගේ.......
ඒත් දවසක....,
ජන්කුක් හිටියේ ස්කෝලේ ලොකර් එකකට ගෑනු ලමයෙක්ව හේත්තු කරගෙන .......එයාව කිස් කරන ගමන්....ටේ හ්යුන්ග් එතනට ආවේ හොදටම කේන්තියෙන්....දෙපාරක් බලන්නේ නැතුව ජන්කුක්ව ඇදලා අරන් බිම දාගත්තේ හොදටම එයාට ගහන ගමන්.......
"ඒයි කිම් මොන යකෙක් වැහිලද? මම හිටියේ වැදගත් වැඩක" ජන්කුක් කතා කලේ මොනවත්ම හිතාගන්න බැරිඋන තැන......
"යකා නෙමෙයි ඕයි..... තමුසේ මොනාද මගේ නන්ගිට කලේ?"
"ඇයි මම මොනා කරන්නද එයාට? ඔය ඉන්නේ ඉටි රූපේ වගේ...."
ජන්කුක් කිවුවේ ටේ හ්යුන්ග්ට ප්රශ්නාර්ථ බැල්මක් දෙන ගමන්.....ඒත් එක්කම ජන්කුක්ව කිස් කරමින් ඉදපු ගෑනු ලමයා එතනින් දිවුවේ මේ රන්ඩුවේ හවුල් කාරයෙක් වෙන්න ඕනි නැති නිසයි.......