Mine

1.2K 211 42
                                    

.............ඔමේගා............

ඔමේගා කෙනෙක් කියන්නේ වෘක රංචුවක ඉන්න දුර්වලම ජීවියෙක්.....ගොඩක් වෙලාවට ඔමේගා කෙනෙක් වෙන්නේ ගැහැනු ලමයෙක්...ඒත් මේ කතාවේ ටේ හ්‍යුන්ග් කියන්නේ ඔමේගා කෙනෙක්....පිරිමි ඔමේගා කෙනෙක්ගේ වෙනසකට තියෙන්නේ එයාටත් එයාගේ පරපුර බිහි කිරීමේ හැකියාවක් තියන එක......වෙන කිසිම වෙනසක් පිරිමි ඔමේගා කෙනෙක්ගේ සිරුරේ නැහැ....ඉතින් ඒ වගේ දේවල් අද කතාවේ ඇතුල් වෙනවා...අපහසු නම් කියවන්න එපා.

තව දෙයක්...කතාවට ඕන වෙන පිංතූර ටිකක් දාලා තියනවා...(sexual)

........................................................................

ජන්කුක් කෙලින්ම නැවතුනේ ටේ හ්‍යුන්ග් ලග...ඒත් ටේ හ්‍යුන්ග් හිටියේ මාලිගාව ඇතුලේ නම් නෙමෙයි...ටේ හ්‍යුන්ග් ,යුන්ගී ,ජින් සහ නම්ජූන් ඇතුලු පිරිස ඒ වෙනකොටත් මාලිගයෙන් පිට ගොඩක් දුර ඇවිල්ලයි තිබුනේ....ජන්කුක් එයාලව හොයාගත්තේ ටේ හ්‍යුන්ග්ගේ  සුවදින්...

එයා බලපොරොත්තු උන විදියටම ටේ හ්‍යුන්ග් එතන ඉදියා....ලස්සන සුදු ඇදුමින් ඉදපු ටේ හ්‍යුන්ග්ගේ ඒ ඇදුම මංගල ඇදුම කියන එක දැකපු  ජන්කුක් වටහා ගත්තේ ඒකෙන් කියවෙන්නෙ දැන් තව දුරටත් එයාලා එයාලගේ නෙමෙයි කියන එක බව.....

ටේ හ්‍යුන්ග් ඉදියේ ඇස් වල කදුලු පුරවගෙන ඒත් හිනා වෙලා.....

"හා පැටියෝ.."

ටේ හ්‍යුන්ග් කතා කලේ වෙවුලන හඩකින්....

ටේ හ්‍යුන්ග් ගේ අසරන බවත් ,එයා මේ තත්වෙන් ඉන්නවා දකිනකොටත් ජන්කුක්ට ඕනි උනේ දුවලා ගිහින් ටේ හ්‍යුන්ග් ව තුරුලු කරගෙන හැමදේම හරියයි කියලා කියන්න...කිසිම දෙයක් මේ විදියට හරි නොවුනත් එයා මේ හැමදේම ටේ හ්‍යුන්ග් වෙනුවෙන් ආයෙමත් හරි ගස්සන්නයි ලෑස්ති වෙලා ඉදියේ....ඒත් ටේ හ්‍යුන්ග් ගේ මංගල ඇදුමත් ,එයාගේ ගෙලේ වුන සලකුනත් ජන්කුක්ව එයාගේ තීරනයෙන් පසුබස්සන්න සමත් උනා......

ඒත් ටේ හ්‍යුන්ග් තවත් ඉවසුවේ නෑ.....එයා දුවගෙනම ගියේ ජන්කුක්ගේ තුරුලට..ගිහින් ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගත්ත ටේ හ්‍යුන්ග් එයාගේ ශරීරය වටේ අත් යවලා එයාට තවත් තුරුලු උනා....ජන්කුක් මේ මොහොතේ එයාගේ හැම සීමාවක්ම පන්නලා දාන්න තීරනය කලා.....

Moonchild ✔️✔️Where stories live. Discover now