Jungkook's Point of view:-
ටේ හ්‍යුන්ග් හිටියේ මගේ ඉස්සරහා හිටගෙන....මම එයත් එක්ක හිනා වුනත් එයා කලේ ඉක්මනින්ම බිම බලාගත්ත එක.....
මට එක්වරම කොහෙන්දෝ ආවේ අමුතුම හැගීමක්...හරියට මාව හිත ඇතුලෙන් කෙනෙක් රිද්දනවා වගේ......මගේ හිත මට වද දෙන්න පටන් ගත්තා....
ඒ වේදනාව එන්න එන්නම වැඩි උනේ ටේ හ්‍යුන්ග් තව තවත් මට ලං වෙනකොට...එයා හෙවුවේ ඉදගන්න තැනක්....මගේ ලගම තිබුන හිස් පුටුවට එයා එන්න උත්සහ කලත් බෝගුම් විසින් එයාව නැවැත්තුවා..
මට ඕනි උනේ ටේ හ්‍යුන්ග් ව මගේ ලගින් තියාගන්න...ඒත් ඒක කියන්නවත් මට ශක්තියක් නැති උනේ එයා මගේ ලගට එන්න එන්න මගේ වේදනාව හදවතේ පමනක් නොවී ශාරීරිකවත් දැනුනු නිසා......
එයා මගෙන් ඈත් වෙලා වෙන තැනක වාඩි උනත් මට දැනුනේ එයා මගේ ලගම ඉන්නවා වගේ...ඒක හරිම අමුතු හැගීමක් උනා..මගේ ලගින්ම එයා ඉදියත් එයා මගෙන් හරිම දුරයි වගේ..එයා දුරින් ඉදියත් එයා මගේ ලගින්ම ඉන්නවා වගේ....
හරියට අපේ හදවත් එකිනෙකාට බැදිලා තියනවා වගේ........
මේ දේවල් ගැන මම හිත හිත ඉන්න අතරේ දන්නෙම නැතුව කාලය ගිහින් තිබුනා...
මම එකපාරටම පියවි සිහියට ආවේ ප්‍රොෆෙසර් ටේ හ්‍යුන්ග්ගේ නම කියද්දී....
"ටේ හ්‍යුන්ග්"
ප්‍රොෆෙසර්ගේ කටින් පිටවෙනවත් එක්කම මට දැනුනේ හරිම අමුතු බයක්...හරියට මගේ හිත වේගෙන් ගැහෙනවා වගේ...මම අවදානෙට බයෙන් හැංගෙන්න උත්සහ කරන්න හදනවා වගේ.....ඒ වෙලාවෙයි මට තේරුනේ මේ දැනෙන්න මගේ හදවතවත් මගේ හැගීම්වත් නෙමෙයි කියන එක....මේ ආව හැම හැගීමක්ම ටේ හ්‍යුන්ග් ගේ හිතේ දැනෙන දේවල් කියන එක...
ටේ හ්‍යුන්ග් හිටියේ හොදටම බය වෙලා...මුලු පන්තිය ඉදිරියේම ප්‍රොෆෙසර් එයාව නැගිට්ටුවේ වරදකට නෙමෙයි උනත් වරදක් කලා වගේ බයකින් එයාගේ හිත වේගෙන් ගැහෙන්න ගත්තේ මුලු පංතියේම අවදානය එයාට යොමු වෙලා තියන නිසයි...
මට ඕනි උනේ ටේ හ්‍යුන්ග් ට උදවු කරන්න...ඒත් ඒ වෙනකොටත් එයා හිටියේ පුටුවෙන් නැගිටලා...එයාගේ අත් වෙවුලන විදියත් ,එයාගේ රෝස පැහැ සියුම් දෙතොල් සුදු මැලි පැහැයක් වෙනවා දැකපු මට ඕනි උනේ ඒ අහිංසකයගේ බය නැති කරන්න....මට එක විනාඩියකට බෝගුම් වෙන්න තිබුනා නම්...මම මගේ ටේ හ්‍යුන්ග් ගේ අත අල්ලගන්නේ එයාගේ බය නැති කරන්න...මිනිස්සු ඉස්සරහා බය වෙන්න හේතුවක් නැති බව කියලා දෙන්න..ඒත් මම එකම විනාඩියකටවත් බෝගුම් නෙමෙයි..මම ජන්කුක්...