මේ තියෙන්නේ අනාගතේ...එහෙමත් නැත්නම් Heartbeat එකත් එක්ක සමාන කාලය....අපහැදිලි නම් කියන්න...
........................................................................
Jungkook's POV:-
මම හිමින් හිමින් ඇස් අරින විට මට තේරුනේ මම ඉන්නේ ගෙදර කියන එක...
ජීමින් හ්යුන්ග් මගේ ලග ඉදගෙන හිටියා...එයත් එක්කම තවත් කෙනෙක් එතන හිටියත් ඒ කවුද කියන එක මට මුලින් පැහැදිලි වුනේ නැහැ.....
එයා ගෑනු ලමයෙක්..එයා මගේ ලගට ඇවිත් මගේ නලලෙන් අත තිබ්බා...එතකොටයි මම දැක්කේ මේ හිටියේ ජෙනී කියලා....
"කුකී...ඔයාට දැන් හොදයිද?"
ජෙනීගේ ප්රශ්නෙට පිලිතුරු දෙන්න මට ඕනි උනේ නැහැ...ඒ නිසා මම සිහිය ආවේ නැති ගානටම රගපෑවා.....
"මෙයාට මේ මොනවා වෙලාද? "
ජෙනී ඇහුවේ ජීමින්ගෙන්"දන්නේ නෑ ජෙනී..එයා දැන් ටික දවසක ඉදලා හැසිරෙන්නේ හරිම අමුතු විදියට"
ඒත් එක්කම මම නැගිට්ටේ එයාගෙන් හැංගෙන්න මට හේතුවක් නෑ කියලා තේරුන නිසා...ඒත් එකපාරටම එයා ඇවිත් මාව බදාගත්ත...
"නෑ .....මේක වෙන්න බෑ..නෑ....ආයෙත් මෙහෙම මට දැනෙන්නේ නෑ...නෑ ජෙනීට මම කැමති නෑ"
මම මගේ හිතත් එක්ක සටන් කරන්න කොච්චර උත්සහ කලත් මගේ ශරීරයේ හිටිය වෘකයා ආයෙමත් අවුරුදු 200 ගානකට කලින් කලා වගේ මගේ මේට් ගේ පහස වෙනුවෙන් නොඉවසිලිමත් වෙන්න ගත්තා...
මොනාම හරි ලොකු දෙයක් වෙන්න කලින් මම ජෙනීව මගෙන් ඈතට තල්ලු කලේ ඒ නිසා.....
ඊලගට අපි ගියේ කෑම කන්න...මේ වෙලාවෙදිත් ජෙනී හිටියේ මගේ ඇගේම ඇලිලා....
එතන එහාට හැම මොහොතකම ජෙනී හිටියේ මගේ ලගින්මයි..අපි දෙන්නා අතරේ ශාරීරිකව කිසිම දෙයක්...අඩුම තරමේ හාදුවක්වත් හුවමාරු නොවුනත් ටිකෙන් ටික මමත් එයා ලග සැනසෙන්න ගත්තා...එයාගේ ලගදි මට හැමදේම අමතක වෙන්න ගත්තා....මට ටේ හ්යුන්ග් වත් සිදු උන දේවලුත් අමතක වෙලා ගියා......
........................................................................
ඊලග දවසේ ටේ හ්යුන්ග් ස්කෝලේට ඇවිත් තිබුනේ නැහැ...බෝගුම්වත් එයාවත් එදා ස්කෝලේ ආවේ නෑ.....මම දවසම හිටියේ ජෙනී එක්ක...ඒ නිසා මට කිසිම පාලුවක්වත් තනිකමක්වත් දැනුනේ නැහෑ....