.......................................................................වර්තමානය....
ජන්කුක් හිමින් ඇස් ඇරියේ එක්වරම භයානක හීනයක් දැකලා නැගිටිනවා වගේ.......සිරුරෙන් හොදටම දහඩිය දාලා ඉදිය ජන්කුක් ඉක්මනින්ම ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...ඒ වෙනකොටත් වෙලාව උදේ 8 පහු වෙලා....
"මොකක්ද මම දැක්ක ඒ හීනේ..."
ජන්කුක් දැතින්ම එයාගේ ඔලුව අල්ලගත්තේ එයාගේ ඔලුව හොදටම රිදෙන්න ගත්ත නිසා......එකින් එක හීනයේ වුන දේවල් මතක් කරන්න උත්සහ කලත් එයාට හීනේ අන්තිම ටික මතක් වුනේ නෑ...ඒ වගේම
ඒ හැමදෙයක්ම හීනයක් බව එයා විශ්වාස කලෙත් නෑ......
"ජන්කුක් ...ස්කෝලේ යන්න ලෑස්ති වෙන්න පරක්කු වෙනවා"
එයාට ඇහුනේ සුපුරුදු කටහඩක්....
ජන්කුක් ඉක්මනින් එබිලා බැලුවේ එයාගේ දොර දිහා...දොර ලග ඉදපු කෙනාව දැක්කම ජන්කුක් තවත් පුදුම උනා........
එතන හිටියේ ජීමින්..ජන්කුක්ට හිතා ගන්න බැරි උනේ වයිට් මූන් පැක් එකේ කෙනෙක් කොහොමද එයාලගේ පැක් එකට ආවේ කියන එක....
"ජීමින් ඔයා මොකක්ද මෙහෙ කරන්නෙ?"
හැරිලා යන්න ගියපු ජීමින් ආයෙමත් නැවතුනේ ජන්කුක් අහපු ප්රශ්නෙට උත්තර දෙන්න..ජන්කුක් දිහා සැකෙන් ටික වෙලාවක් බලන් ඉදපු ජීමින් කතා කලා....
"මම මොනාද කරන්නේ කියලා අහන්නේ? ඔලුවවත් කොහෙ හරි වැදුනද ජන්කුක්?"
ඒත් ජන්කුක්ට තාමත් ඒක ප්රශ්නයක් වුනා....
"ජීමින්..ඔයා ඇයි මගේ ගෙදර ඉන්නේ? කෝ එතකොට මගේ අක්කා?"
"ජන්කුක්..මේ අහනවා තමුන්ට මාව පේන්නේ අක්කෙක් වගේද ආහ්?"
ජීමින් ජන්කුක් ලගට ආවේ ලග තිබ්බ කොස්සත් අතේ අරන්....ජන්කුක් තාමත් ජිමින් දිහා බලන් ඉදියේ පුදුම වෙලා....
"මේ පැහැදිලිව කියනවා මගේ අක්කා කෝ..අනිත් එක කොස්සක් උස්සගත්තේ මොකද?"
කොස්ස බිමින් තියපු ජීමින් ටිකක් වෙලා ජන්කුක් දිහා බලන් ඉදලා ඉක්මනින් ගිහින් ජන්කුක්ගේ නලලෙන් අත තියලා ජන්කුක්ට අසනීපයක්ද බැලුවා.ජන්කුක් ජීමින්ගේ අත අහකට ගසලා දාලා ඇදෙන් නැගිට්ටා...