Chapter 04

1.7K 305 9
                                    

---(Shenu's POV)---

“Woah… ජීමින් ඔප්පා…?? ඒ කියන්නේ ජීමින් ඔප්පද වන්ජන්නිම්..? දේබක්...!!”

එකපාරටම මට එහෙම කියවුනේ පුදුමයටයි. ඒත් ඒ පාර නම් අනික් කට්ටිය මං දිහා ටිකක් ඔරවලා බලපු නිසා. මං අහක බලා ගත්තේ එයාලා මට රැව්වේ මොකටද කියලා තේරුන නිසයි. Joseon වල ඉතින් ගරු සරු ඇතුව කතා කරන්න එපැයි. අපේ කාලේ වගේ නෙමෙයිනේ මේ කාලේ.

“හ්යුන්ග්නිම්, තව කොතරම් දුර අප යා යුතුද..?”

ජීමින් ඔප්පා එහෙම ඇහුවේ මූණත් ඇඹුල් කරගෙනයි. මං හිතන්නේ ඇවිදලම එපා වෙලා ඇති. ඒත් ඉතින් අපේ කාලෙදී වගේ වුණා නම් ඔප්පලා කොච්චර කැමති වෙවිද මේ විදිහට නිදහසේ ඇවිදින්න.

“මා හට මතක අකාරයට නම් අප තව මද දුරක් යා යුතුයි wanjanim...”

ජින් ඔප්පා උත්තර දුන්නා.

ටික වෙලාවකට පස්සෙ අපි ජින් ඔප්පා  කියපු තැනට ආවා. පුංචි දිය ඇල්ලට චුට්ටක් එහාට වෙන්න තිබුණු පරණ පුංචි ගෙයක් වගේ මනාව හදලා තිබුණු ඒ ගේ වටේටම වල් වැදිලා තිබුනේ, ගොඩ කාලෙකට කලින් අතහැරලා දාපු බව පෙන්වන්න වගෙයි. ඒත් ළඟම තිබුණු දිය ඇල්ල නිසාදෝ, ඒ අවට තිබුණේ සරුසාර කොල පැහැයෙන් සැරසුනු වටපිටාවකුයි. ඒ අතරම සමහර තැන් වල පිපිලා තිබුණු මල් නිසා ඒ ලස්සනට මං වශී වෙලා වගෙයි හිටියේ. මං වටේ තිබුණ ලස්සන බල බලා ඉන්න අතරේ ඔප්පලා ටික ගිහින් දොර ඇරියා.

“වන්ජන්නිම්.., ඔබ මදක් ඈතින් සිටින්න... අප මදක් මෙහි පිරිසිදු කිරීම් කරන තෙක්... නැතිනම් ඔබ අසනීප වේවී... අප කුඩා කාලයේදී වගේම මේ ස්ථානය තවමත් සැඟවී ඇති ස්ථානයක් වගෙයි මට නම් හැගෙන්නේ...”

ජින් ඔප්පාඑහෙම  කිව්වේ ගේ ඇතුලේ එහාට මෙහාට ඇස් යවන අතරේමයි.

“හ්යුන්ග්නිම්ද(අ)ල්.., මම ඔබලට පවසල තිබෙනවා, මං ඔබල සමඟ සිටින විට මා හට කුමරෙකු මෙන් නොව ඔබලගේ මිතුරෙකු ලෙසින් සලකන්න කියා... මා අකමැතියි සියළු දෙනාම මට කුමරෙකු මේ ලෙස සලකනවට... මාලිගයේදී නම් මා හට රිසි ආකාරයෙන් සිටිමට කෙසෙවත් ඉඩ ලැබෙන්නේ නැහැ... මාත් ඔබලා ලෙස සාමාන්‍ය අය ලෙස සිටීමටයි පිය කරන්නේ හ්යුන්ග්නිම්...”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now