---(Seja Jeoha's POV)---
සියලු දෙනාම පැමිණි පසු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු වල අවසාන අදියර ආරම්භ වූවා. මා සිතා සිටි පරිදිම අවසන් පරීක්ෂණය සඳහා තේරී පත් වූවන් අතර හ්යුන්ග්නිම් මෙන්ම ටේහීද සිටියා. ඔවුන්ව එහිදී දුටු නිසා සිතට සතුටක් ඇති වුවත්, ටේහීව දුටු විට මා හට වැටහුනේ ඇය හොඳින් නොවන බවයි. ඇය පිළිතුරු සැපයීම පවා සිදු කරනු ලැබුවේ ඉතා අපහසුවෙන් බව හොදින් ම පෙනෙන්නට තිබුණා. හ්යුන්ග්නිම් හා ටේහ්යුන්ග් හ්යුන්ග්නිම් පවා පරීක්ෂණ කටයුතුවලටත් වඩා ඇය පිළිබඳව අවධානය යොමු කර සිටි බවක් දක්නට ලැබුනා. කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු වල අවසානය ළඟා වෙමින් පවතින අතරේ එකවරම ටේහී සිහිසුන් වීමත් සමඟම ඇයට පසෙකින් සිටි ටේහ්යුන්ග් හ්යුන්ග්නිම් මෙන්ම ඉදිරිපස අසුන්ගෙන සිටි හ්යුන්ග්නිම් ද ඇය අසලට ගියේ, සෑම දෙනාගේම අවධානය ඔවුන් වෙතට යොමු වී තිබියදීමයි.
මාද ඇය සිහිසුන් වූ විට කලබලයට පත් වූවත්, ඒ බවක් නොපෙන්වාම මා ඔවුන් සිටි ස්ථානයට ගියේ පාලක පාලිකාවන් මා සමඟ පැමිණෙද්දීමයි.
"ඇගේ නාඩි බොහොමත්ම දුර්වල වෙලා..."
ටේහ්යුන්ග් හ්යුන්ග්නිම් එසේ පවසනවාත් සමඟම හ්යුන්ග්නිම් සූදානම් වූයේ., ඇයව රැගෙන යාමට වුවත්, මා එය වලක්වා සිටියේ එය සිදු කල යුතු දේ ලෙස හැඟුණු නිසාවෙනුයි.
"නවතින්න හ්යුන්ග්නිම්.., පාලක හන්.., හැකි ඉක්මනින් වෙදදුරුව කැඳවාගෙන පැමිණෙන්න... පාලිකාවනි ඇයව රැගෙන යන්න කුටියට..."
"එහෙමයි..."
මා එසේ නියෝග කරන විටම පාලක හන් (Han) හා පරිවාර පාලිකාවන් පැමිණ ඇයව රැගෙන ගියද හ්යුන්ග්නිම් ද ඔවුන් සමඟ යාමට සැරසුනා.
"හ්යුන්ග්නිම් නවතින්න..."
මා මඳක් දැඩි හඬකින් එසේ පසද්දීම හ්යුන්ග් පුදුමයෙන් විසල් වූ දෑස්වලින් මා දෙස බැලුවේ 'ඔබ කුමක් ද පවසන්නේ' කියා ඇසීමට මෙනුයි.
"හ්යුන්ග්නිම්.., ඔබලා නැවත අසුන් වලට ගොස් පරීක්ෂණය අවසන් කරන්න... මා ඇය පිළිබඳව සොයා බලන්නම්..."
YOU ARE READING
❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]
Historická literatura[EP 31 - 50 under editing] [EP 1 - 30 edited] (2023. 09. 28) "මා මතු කලක දී ඔබව අනිවාර්යයෙන් ම නැවත සොයා ගන්නම්... මා ඔබව දුටු සැනින් හඳුන ගන්නම්... නැහැ..! මා ඔබව දැකීමටත් පෙරාතුව හඳුනා ගන්නම්... ඔබට ආලය කරන්නම්... සමා...