Chapter 20

1.2K 230 5
                                    

---(Wanjanim's POV)---

"අපට ස..සමා වන්න වන්..ජන්..න්..නිම්..."

"මාගෙන් නොවේ ඇයගෙනුයි ඔබලා සමාව ගත යුත්තේ... එවිටයි මා ඔබලාට සමාව ලබා දෙනුයේ... වැටහුනාද..??"

සිතට දැනුනු කෝපයත් සමඟම එසේ පවසා මා අනෙක් පසට හැරී මාලිගයට පැමිණීමට පිටත් වූයේ ටේහ්යුන්ග්නාත් මා පසු පසින් පැමිණෙද්දීමයි.

"වන්ජන්නිම්..,"

ටේහ්යුන්ග්නා බොහොම සෙමින් මා හට ඇමතූවා.

"පවසන්න ටේහ්යුන්ග්නා..."

"මා සිතූ දෙය නිවැරදියි... ඔබතුමා සැබවින්ම ටේහීට ආලය කරනවා..."

ටේහ්යුන්ග්නා එසේ පවසද්දීයි මා හට මතකයට ආවේ මා පෙරදී යූනා-ෂීට මෙන්ම ඇගේ මිතුරියන්ටත් පැවසූ දේ. එය මතකයට පැමිණි අවස්ථාවේ මාගේ මුවට සිනහවක් නැගුනේ නොදැනීමයි.

•••••••••••••••••••••••••••••••>>>>>>>>

ටේහ්යුන්ග්නා පසු දින පැමිණෙන්නම් කියා නිවසට ගමන් කරද්දී මා මාලිගයට පැමිණ ටේහීයා සිටි කුටියට ගමන් කරන විට අවදියෙන් සිටියේ සොක්ජින් හ්යුන්ග්නිම් පමණයි.

"හ්යුන්ග්නිම්..,"

මා එසේ පවසද්දී හ්යුන්ග්නිම් නැඟී සිටියේ ආචාර කරමින්මයි.

"අසුන් ගන්න හ්යුන්ග්නිම්... ටේහියාට කෙසේද දැන්..?"

"ඇය ඉක්මනින් සුව වේවි... ඖෂධ නිසාවෙන් ඇය නින්දට වැටුනා... එහෙත්.., ටේහ්යුන්ග්නා කරදරයක වැටුනේ නැහැ නේද..? ඔහු කෝපයට පත් වූ පසු ඔහු කුමක් කරනවාද කියා ඔහුවත් දන්නේ නැහැ..."

සොක්ජින් හ්යුන්ග්නිම් එසේ පැවසුවේ කණගාටු වූ බවක් කියාපාමින්මයි.

"කණගාටු වන්න අවශ්‍ය නැහැ හ්යුන්ග්නිම්... ඔහු ප්‍රවේශමෙන් නිවසට ඇරලූ පසුවයි මා මාලිගයට පැමිණියේ... එහෙත් හ්යුන්ග්නිම්.., අප ටේහියා පිලිබඳව සැලකිලිමත් විය යුතුයි... ටේහ්යුන්ග්නා පැවසූ ලෙසම මෙය යූනා-ෂී මෙන්ම ඇගේ මිතුරියන් විසින් සිදු කල දෙයක්... එසේනම් හ්යුන්ග්නිම් මා හෙට දින උදෑසන නැවත පැමිණෙන්නම්..."

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now