Chapter 27

1K 196 9
                                    

---(Seokjin's POV)---

“හ්යුන්ග්නිම්..! සොක්ජින් හ්යුන්ග්නිම්..!!”

“වන්ජන්නිම්.., ඇයි ද මේ..?”

මියුන්ග්හී සමඟ කතා කරමින් සිටින අතරතුර එකවරම වන්ජන්නිම් අප සිටි ස්ථානයට දිව ආවේ., මා හට අමතමින්මයි.

“ඇයිද වන්ජන්නිම්..?”

“ඉක්මනින් ටේහියාගේ කුටි... හ්යුන්ග්නිම්...”

වන්ජන්නිම් එකවරම ටේහියා පිලිබඳව පවසද්දී සිතට ඇතිවූ බිය නිසාවෙන්ම වන්ජන්නිම් පැවසීමට උත්සාහ කල දේ ඇසීමටත් ප්‍රථමයෙන්ම මා ටේහියාව රඳවා සිටි කුටියට ගියේ., ගැහෙන හදවතිනුයි.. වෙදදුරුවරුන්ගෙන්ද ඇයගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව නිසි නිගමනයක් නොවූ නිසාවෙන් මාගේ සිතට දැනුනු බිය පහ වූයේ මා කුටියට ඇතුළු වන විටම අවදිව සිටි ටේහියාව දුටු පසුවයි. ක්ෂණයකින් මා ඇයව වැළඳ ගත්තේ තවමත් ගැහෙන හදවතින් යුතුවමයි. මා නොදන්නවා වුවත්., අප අතර ඇති මේ ලෙන්ගතු බවට ඇති හේතුව කුමක් ද කියා., මා ඇයට මාගේ එක කුස උපන් සහෝදරියකටත් වඩා සෙනෙහස දැක්වූවා. සමහර විට එයට වන්නට ඇති සාංසාරික සහෝදර බැඳීම් කියා පවසනුයේ. කොතැන කෙසේ සිටියත්., කිනම් ආකාරයකට හෝ ඔවුන් මුණගැසෙන බව මා විශ්වාස කලේ ටේහියා නිසාවෙනුයි.

“ඔබ අවදි වීලා... ඔබ අපව කොතරම් බියට පත් කලාද කියා දන්නවද..? අවශ්‍ය නෑ ඒවා... ස්තූතියි ටේහියා අවදි වූවාට...”

“ඔරා..බොනි...”

තවමත් මදක් දුර්වල හඬින් ඇය එසේ පැවසුවේ ආපසු මා වැළඳ ගනිමින්මයි.

“ඔරාබොනි.., සමා...”

“ඔබ සමාව ගත යුතු නැහැ... මා හට සමා වන්න... මායි මගේ නැඟණියව ආරක්ෂා කර ගැනීම පැහැර හැර තිබෙන්නේ... එනිසා සමාවන්න ඔරාබොනිට...”

“එසේ පැ..වසීම අවශ්‍ය නැහැ... මා හොඳින් ම දන්නවා ඔරාබොනි මා පිලිබඳ ව කොතරම් සොයා බලනවා ද කියා..?”

ඇය එසේ පැවසුවේ මුහුණට රැදී තිබූ වෙහෙසකර බවත් සිනහවකින් සඟවා ගනිමිනුයි. ඒත් සමඟම පිටිපසින් ඇසුනු ශබ්දය නිසාවෙනුයි ටේහියාත් මාත් වන්ජන්නිම් නැවත කුටියට පැමිණ ඇති බව වටහා ගත්තේ.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now