Chapter 07

1.5K 284 17
                                    

---(Shenu's POV)---

හැමෝමත් එක්ක හන්යන්ග් (Hanyang) අගනුවරට යද්දී වටපිටාව අඳුරු වෙලා තිබුනත්, මිනිසුන්ගෙන් නම් අඩුවක් පෙනුනේ නෑ. හැමදාමත් දැකපු රැයත් දවාලක් වගේ පෙනෙන තරමට එලියට වුණු, වාහන, නලා හඬවල් වලින් පිරුණු පාරවල් වෙනුවට, අඳුර යාන්තමට මකා ගන්න අවශ්‍ය නිසා දල්වපු පන්දම් එලිවලින් වගේම මිනිසුන්ගේ කතාබහ කරන හඬවල් වලින් පිරුණු වීදි දකිද්දී, එක එක විලාසිතාවල ඇඳුම් වෙනුවට එකම විදිහට ඇඳ පැළඳගෙන එහාට මෙහාට යන මිනිසුන් දකිද්දී දැනුනු අමුතු හැඟීම මට වෙනම අමුතුම අත්දැකීමක් වගෙයි දැනුනේ. ඒ දැනුනු නුපුරුදු හැඟීම නිසා මං කලබල වෙලා වගෙයි මට දැනුනේ. පොඩ්ඩක් කට්ටියට මුවා වෙවී ගියෙත් ඒ නිසාමයි.
"ඇයත් ඔබත් ප්‍රවේශම් වන්න..."
මං මුවා වෙමින් ගියත්, වීදියේ පසෙකින් සිටි අසරණබවක් පෙන්වූ එක් මහලු කාන්තාවකගේ ඇස් මානයට මා අසු වී තිබුනා... ඇය මෙය එකවර පැවසූ කීමට සොක්ජින් ඔප්පා නැවතුනේ, ඇය දෙස අවධානය දෙමින්මයි.
"ඔබ කවුරුන්ද...? ඇ..ඇය අපගේ සොහොයුරියක්..."
සොක්ජින් ඔප්පා එහෙම කියද්දී මට පුදුම හිතුනත්., ඇයගේ මුහුණේ රැඳුනු අමුතු විදිහේ හිනාව මගේ හිත කැලබුවා.
"එහි ඇති සත්‍ය අසත්‍ය ඔබලා දන්නවානේ... මා අසරණ මහලු ස්ත්‍රීයක් විය හැකිය... එහෙත් මෙය හොඳින් මතක තබා ගන්න තරුණයා... ඇය බොහෝ දෙනාගේ අනාගතය වෙනස් කරාවි... එසේම ඇයත් ඔබලත් හොඳින් රැකෙන්න කියා මා ප්‍රර්ථනා කරනවා..."
එසේ පවසමින් ඇය සිනා වුවත්, යුන්ගි ඔප්පා කීමට අපි අපේ ගමන ඉක්මන් කලා.
 

හැමෝවම එක්කගෙන සොක්ජින් ඔප්පා එයාගේ ගෙදරට යද්දිම මට වැටහුණා එයාලා වංශවත් පවුලක් වෙන්න ඇතියි කියලා. මං වටපිට බලබලාම ඇතුළට යන අතරේදී දැක්කේ, ටිකක් මහලු කාන්තාවකුත්, ලස්සන තරුණ කාන්තාවකුත් මග බලාගෙන ඉන්නා ආකාරයයි. අපි ඇතුළට ආව ගමන්ම ඒ දෙන්නා ඉස්සරහට ඇවිත් කතා කලේ ටිකක් කලබල වුණු කටහඬකින්.

“ඔබලා මෙතරම් රාත්‍රී වනතුරුත් කුමක්ද සිදු කලේ පුතණුවනි..? අප කොතරම් බිය වීද සිටියේ කියා ඔබ දන්නවා ද..? වන්ජන්නිම්වද සොයා පැමිණියා පාලකයන් පිරිසක් විසින්... ඔබතුමා අදත් මාලිගයට නොදන්වාද පැමිණියේ..? ඔබතුමා දැන්ම මාලිගයට යාමයි සුදුසු... අනෙක් අයද එසේමයි... ඔබලාගේ ඥාතීන්ද බිය වී ඇති ඔබලා ප්‍රමාද නිසාවෙන්...”

සොක්ජින් ඔප්පාගේ මෑණියන් ලෙස පෙනුනු ඒ මහලු කාන්තාවක එහෙම කිව්වේ කලබල වුණු කටහඬකින් වුනත් හැමෝම දෙස බලලයි. ඒ අතරරේදීම ඇයගේ ඇස් මං දිහාට යොමු වුණේ ප්‍රශ්නාර්ථශීලී බැල්මකුත් එක්කමයි.

“මේ තරුණ දියණිය කවුරුන්ද..?”

ඒ මහලු කාන්තාව මං දිහාම බලාගෙන එහෙම අහද්දී අර තරුණ කාන්තාවගේ ද දෑස් මගේ වෙතට යොමු වුණා.

“ඔබලා සියලු දෙනාම ප්‍රවේශමෙන් දැන් නිවෙස්වලට යන්න... වන්ජන්නිම්.., ඔබතුමා මදක් රැඳෙන්න... මා පැමිණෙන්නම් ඔබතුමා සමඟ...”

සොක්ජින් ඔප්පා අනිත් අයට එහෙම කියද්දී එයාලා ආචාර කරලා එතනින් පිටවෙලා ගියා වන්ජන්නිම් පමණක් ඉතුරු වෙද්දී.

“හ්යුන්ග්නිම්.., මා හටත් තනිව යා හැකියිනේ... මා කුඩා දරුවෙකු නොවේනේ...”

“එසේ කල නොහැකියි වන්ජන්නිම්... ඔබතුමාගේ ආරක්ෂාවට මා වගකිව යුතුයිනේ... ඔමොනිම්.., (මෑණියනි) මා පසුව මේ සියල්ල පැහැදිලි කර දෙන්නම්... අද දින සිට ඇය අපගේ නිවසේ රැඳී සිටීවි... එනිසා මා එනතුරු ඇයට පිරිසිදු වීමට උපකාර කර ආහාර ලබාදෙන්න මියුන්ග්හීයා (Myunghee)... තේහීයා.., ඔබට ඔමොනිම් සහ මියුන්ග්හී උපකාර කරාවි... එනිසා ඔබ බිය විය යුතු නැහැ... මා ඉක්මනින්ම පැමිණෙන්නම්...”

සොක්ජින් ඔප්පා එකදිගටම කියාගෙන ගියේ ඉක්මනින් වන්ජන්නිම්ව මාලිගයට එක්කගෙන යන්න ඕන නිසා වෙන්න ඇති. වන්ජන්නිම් යන්න කලින් අනික් අයට ආචාර කරලා මට කතා කලේ මූණේ හිනාවක් රඳවා ගෙනමයි.

“පසුව හමුවෙමු...”

එහෙම කියාගෙනම වන්ජන්නිම් සොක්ජින් ඔප්පාත් එක්ක පිටත් වුණා. ඒ දෙන්නා පිටත් වෙනවත් එක්කම සොක්ජින් ඔප්පාගේ මෑණියන් මට කතා කරපු නිසා මං ඇතුලට ගියේ, අද ඉදන් මට මොන වගේ ජීවිතයකට මුහුණ දෙන්න සිදු වෙයිද කියලා හිතන ගමන්මයි..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
.....................................................................

ඔන්න යාළුවනේ හත්වෙනි chapter එක. මෙතනින් කට්ටිය හමුවුන හැටි ඉවරයි.... ඊලඟ කොටසේ ඉදන් Shenu ඒ කියන්නේ Kim Taehee ගේ Joseon කාලේ ජීවිතේ ගැන කියන්නේ.. ඒ නිසා දිගටම කතාව එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම කතාව දික් වෙනවට sorry. කොටස කොහොම ද කියලා comment එකක් දාන් යන්න හොඳේ. නැවත 08 chapter එකෙන් හමුවෙමු.
Love U guys..😘❤❤

                   THANK YOU

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now