Chapter 49

1K 168 20
                                    

(Jimin's pov)❤

අතීතය අපි හිතපු තරම් ලස්සන වුණේ නෑ. ඒත් මට දැන් අතීතෙට වඩා ඕන වුණේ වර්තමානය ලස්සන කර ගන්නයි. ඒ නිසාමයි මං Shenu ට නිතරම කිව්වේ අතීතයේ වුණ දේවල් කොහොම වුනත් අපි දැන් වර්තමානෙට මූණ දෙමු කියලා. හැබැයි Shenu ට නම් ටිකක් කල් ගියා එයා දැකපු හීන නිසා ඇති වුණ shock එකෙන් මිදෙන්න.

සතියක් දෙකක් විතර යනකන්ම රෑට පවා මට එයත් එක්කම ඉන්න වුණා. මොකද Shenu සමහර වෙලාවට රෑට බයවෙලා ඇහැරුනා ටික දවසක් යනකන්ම.

එදා shooting ඉවර වුන ගමන්ම මං අනිත් අයට කියලා Shenu ව එහෙන් එක්කගෙන ආවේ Jin hyung ගේ වගේම Tae ගෙත් උදව් ඇතිවයි. අනිත් අයට ඒ ගැන අදහසක් නොතිබ්බත් ඒ දෙන්නා නම් මගේ අදහසට එක පයින්ම කැමති වුණා. මොකද මායි Shenu යි ඇරුණ විට ඒ හීන ගැන වගේම ඒවා දැනෙන විදිහ ගැන දැනගෙන හිටියේ ඒ දෙන්නයි.

සති දෙකකට විතර පස්සේ Shenu සාමාන්‍ය තත්ත්වයට ආවා. ඉස්සර හිටපු මගේ පිස්සු කෙල්ල ආයෙත් ආව එකට මං නම් හිටියේ ගොඩක් සතුටින්. ඒ මොනා වුනත් Shenu වෙනදටත් වඩා නිතරම මාත් එක්කම මං ලඟටම වෙලා ඉන්න try කරා වගේ මට තේරුණා. හරියට මාව guard කරනවා වගේ.
.................................

අද practice ටිකක් වේලපහ ඉවර වුණ නිසා මං Shenu වත් එක්කගෙනම Han river එක ගාවට ආවේ ටිකක් නිදහසේ කතා කරන්න කියලා හිතාගෙන. Han river එක කියන්නේ මං යන්න ආසම වුණ තැන් වලින් එකක්. ඉස්සර trainee කාලෙදි කොච්චර මං Taehyung-ah ත් එක්ක මෙතනට ඇවිත් පිස්සු නැටුවද.? ඒ වගේම අපේ ඔක්කොම members ලා එක්කත් කොච්චර මතක මෙතන තියෙනවද.? ඒ වගේම මගේ Shenu වත් මට මුලින්ම හම්බුනේ මෙතනදීමයි. ඒ නිසාම මට Han river එක කියන්නේ විශේෂ වගේම සුන්දර මතක වලින් පිරුණු තැනක්.

මේ සීත කාලේ නිසා Han river එක ගාව සෙනඟ එච්චර හිටියේ නැති නිසා අපිට නිදහසේ ඉන්න පුලුවන්කම තිබුනා. Hot coffee එකත් අතේ තියාගෙන Han river එක දිහා පුංචි හිනාවකුත් එක්කම බලාගෙන හිටිය Shenu දිහා බලද්දී මට මතක් වුණේ අපි මුලින්ම හමු වුණ විදිහ. එදා Han river එක ගාවදී මගේ අතින් coffee එක හැලුන කෙල්ල අද මගේ ජීවිතේම වේලා.

Shenu දැන් ගොඩක් වෙලා Han river එක දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටිය නිසා මට ඕන වුණේ එයාගේ අවදානය මගේ පැත්තට ගන්න. ඇත්තටම කිව්වොත් මට Han river එකත් එක්කත් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා වගේ මට තේරුණේ. මොකද Shenu දැන් ගොඩක් වෙලා ඉදන් මාත් එක්ක කතා නොකර Han river එක දිහා බලාගෙන හිටිය නිසා.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now