Chapter 23

1K 221 5
                                    

---(Wanjanim's POV)---

මා පෙර දිනයේදී ටේහියාට මාලිගයට පැමිණෙන්න යයි පැවසුවත් උදෑසනම පියාණන් මා හට විශේෂ රාජකාරියක් පැවරූ නිසා මා ඇයට පැමිණෙන්න යයි පැවසූ වේලාවේදී මා හට මාලිගයට යාමට නොහැකි වූවා. එහෙත් ඇය පැමිණ බලා සිටීවි කියා සිතා හැකි ඉක්මනින් එය සිදු කර පැමිණියත්, ඇය ඒ වන විටත් පිටව ගොස් තිබූ නිසාවෙන් මා සැරසුනේ මාගේ කුටියට යාමටයි. කෙසේ වෙතත් අද රාත්‍රියේදී මා හට ටේහියාව මුණ ගැසීමට හැකියිනේ කියා සිතමින්ම මා යාමට සූදානම් වුවත්, එකවරම පාලිකාවක් පැමිණ මා හට පැවසූයේ, ටේහියා තවමත් මාලිගයේ බවයි. සේජා ඇය තනිව සිටි නිසා එසේ රැගෙන ගිය බව දැනගත් පසු මා සිතට දැනුනු සතුටත් සමඟම ඔවුන් සිටිනවායි කියූ උද්‍යානයට ගියේ ඇයට මා දුන් පොරොන්දුව ඉටු කල යුතු නිසයි. එසේම මා මෙවර ඇයට මගේ සිතුවිලි සෑම දෙයක්ම පවසන බවට මා අධිෂ්ඨාන කරගෙන සිටියා. ඒ මට අවශ්‍යයි මෙවර වසන්ත සැණකෙළිය ඇයත් සමඟ සැමරීමට.

ඔවුන් සිටිනවායි කියූ උද්‍යානයට පැමිණ මා ඔවුන්ව සොයා ගියත්, එකවරම මා ඉබේම නතර වූයේ ඈතින් පෙනුනු දර්ශනය නිසයි. සේජා ඇයව සිප ගනිමින් සිටියා. ඔහුගේ සියලු ඉරියවුවක්ම මා හොඳින්ම දුටුවා. එය  මෙතරම් වෙලාවක් සිත සිතා සිටි සැම දෙයක්ම මාගේ පාමුලට කඩා වැටුනු බවක් දැනෙද්දී මා එකවරම පිටු පසට හැරුනේ එම දර්ශනය මාගේ සිත රිදවන නිසාවෙනුයි. ඒත් සමඟම මා ආපිට මාගේ කුටියට පැමිණියේ, මාගේ සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය නිසාවෙනුයි. මා කුටියෙහි සිටි පාලක පාලිකාවන් සියලු දෙනාම ඉවතට යවා සිටියේ මා හට තනිව සිටීමට අවශ්‍ය වූ නිසයි. මා දන්නේ නැහැ ඔවුන් අතර කුමක් සිදු වුවාද කියා, එහෙත් එම දසුන මාගේ සිත රිදවා සිටියා. ටේහී යනු මා ආලය කල එකම තරුණිය නිසාදෝ මාගේ සිතට එය තදිනම කා වැදුනා.

•••••••••••••••••••••••••••••>>>>>>>>>

“වන්ජන්නිම්… වන්ජන්නිම්… අවදි වන්නකෝ... මහත් පුදුමයක්නේ ඔබතුමා මෙවැනි වේලාවක නිදා සිටීම...”

නොදැනීම නින්ද වැටී තිබුණු මා නැවත අවදි වූයේ ටේහ්යුන්ග්නාගේ කටහඬ නිසාවෙනුයි.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now