(Shenu's pov)❤
මං Bighit එකට ඇවිත් මාස තුනක් ගියා. ටික දවසක් යන කොට Bighit එකට මගේ ම family එක තරමට ම මං ලං වුණා. Staff එක විශේෂයෙන් ම Jihee unnie මට මගේ ම සහෝදරියක් වගේ වුණා. Jihee unnie make-up බාරව වැඩ කරත් එයා ගොඩක් වෙලාවට මට උදවු කලා. ඒ නිසා මට වැඩ ටික කර ගන්න ගොඩක් පහසු වුණා.
ගොඩක් වෙලාවට BTS ලට වගේම මටයි unnie ටයිත් Bighit එකට වෙලා රෑ නිදි මරාගෙන වැඩ කරන්න වුණා. ඒත් අපි ඒ හැමදේම සතුටින් කරපු නිසා ඒ හැමදේම හොඳින් කරගන්න පුලුවන් වුණා. කවදාක හරි දකින්න කියලා හීන මවපු BTS ලා පවා මෙච්චර ලඟින් ආශ්‍රය කරන්න පුලුවන් වෙයි කියලා මං බලාපොරොත්තු වුණේ නෑ. දෛවය පුදුම විදියට අපෙන් දේවල් අර ගන්නවා. ඒ වගේම හිතා ගන්න බැරි විදිහට සමහර දේවල් ලබා දෙනවා.
අද BTS ලගේ new song එකේ comeback එක තිබුන වෙලාවේදී නම් කනට නිදහසක් තිබුනෙත් නෑ. හිතට නිදහසක් තිබුනෙත් නෑ. හැම තිස්සෙම හදිස්සියට මොකක් හරි මාරු වෙලා කවුරුහරි member කෙනෙක් කතා කරනවා.
Comeback show එක ඉවර වෙද්දී BTS ලාගේ වගේම අපි හැමෝගෙම හොඳ පණ ගිහින් තියෙන්නේ. මේ දවස්වල අපිට Bighit එකටම අයිති apartments වල ඉන්න වෙනවා. මොකද අද comeback show එක ඉවර වුනාට හෙට ඉදන් music shows වලට යන්න තියෙනවානේ.
හෙට දවසට ඕන කරන ඔක්කොම costumes ලෑස්ති කරලා මං apartment එකට ආවේ ටිකක් නිදා ගන්න කියලා. මං එන කොට Jihee unnie නම් කොට්ටෙත් බදාගෙන හොඳට නිදි. මාත් ඇඳට ගිහින් phone එක අතට ගත්තේ BTS ලගේ අලුත් mv එක බලලම නිදා ගන්න කියලා හිතලා.
වෙනදා වගේම එයාලගේ records ම ආයෙ ආයේ අලුත් කරමින් YouTube trending no. 01. ඒවා දකිද්දී වෙනදා ARMY කෙනෙක් විදිහට විඳින සතුටට වඩා වෙනමම විදිහේ සතුටක් දැනෙනවා. මං හදපු costumes ඇඳගෙන ඉන්න BTS ලව දකිද්දී හිතට එන්නේ ආඩම්බරය මිශ්‍ර වුණු අහිංසක සතුටක්.
ටික වෙලාවකින් දන්නෙම නැතුව නින්ද ගියපු පාර ඇහැරුණේ උදේ වැදුනු alarm එකට. බාගෙට නිදිමත තිබුනත් morning shower එකට පස්සේ unnie යි මායි ආයෙත් Bighit එකට ගියේ අද දවසේ වැඩ ටික ආරම්භ කරන්න.
“Annyeonghasaeyo....!”
මායි Jihee unnie යි දෙන්නම් එකටම කියද්දී practice room එකේ හිටිය හැමෝම අපි දිහා බලලා ආචාර කලා. ඒ හැම කෙනෙක්ගෙම මූණු වල තෙහෙට්ටු ගතිය පෙනෙන්න තිබුනත් හැමෝම අද දවසේ වැඩ ටික හොඳට කරගන්න ඕනෙ කියන දේ හැම කෙනෙක්ගෙම මූණු වල ඇඳිලා තිබුණා.
YOU ARE READING
❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]
Historical Fiction[EP 31 - 50 under editing] [EP 1 - 30 edited] (2023. 09. 28) "මා මතු කලක දී ඔබව අනිවාර්යයෙන් ම නැවත සොයා ගන්නම්... මා ඔබව දුටු සැනින් හඳුන ගන්නම්... නැහැ..! මා ඔබව දැකීමටත් පෙරාතුව හඳුනා ගන්නම්... ඔබට ආලය කරන්නම්... සමා...