(Seokjin’s pov)❤
“Samchon (මාමණ්ඩියනි), ඇයි ද ඔබ Suyeon nu-i වයි Minjae awoo (මලණුවන්/ මල්ලී) වයි කැඳවාගෙන නොපැමිණියේ... මා හට ඔවුන්ව බොහෝ සෙයින් මතක් වනවා... නැන්දණියයි Taehyung Samchon නම් නිතරම Joowon hyungnim සමඟ මෙහි පැමිණෙනවා...”
Wanjanim පිළිබඳව සිතමින් සිටි මා එකවරම පියවි සිහියට පැමිණියේ කුඩා Jihyun කුමරුන්ගේ හඬින්.“මා පැමිණියේ jeonha ගේ රාජකාරියකටනේ කුමරුනි... එනිසා ඔවුන් දෙදෙනාම නිවසේ සිටියා... මා පසුව ඔවුන් දෙදෙනාවම මාලිගයට රැගෙන පැමිණෙන්නෙම්කෝ අපේ කුමරුන් සමඟ ක්‍රීඩා කිරීමට...”
මා කුමරුන් සමඟ සිනහ වෙමින් පැවසුවා.“එසේ නම් නිසැකයෙන්ම ඔවුන් රැගෙන එනවා නේද samchon..?”
කුමරු සුරතල් හඬින් එසේ අසද්දී මා සිදු කලේ දියණියත් පුතණුවන්වත් නිසැකයෙන්ම මාලිගයට රැගෙන එන බවට කුමරුන්ට පොරොන්දු වීමයි. මෙලෙස කතා කරමින්ම මා හා කුමරුන් කුමර මාලිගය අසලටම පැමිණ තිබුනා.අප එහි යන විටත් gunbuin mama එහි පැමිණ තිබුනා.
“Eomoni (මෑණියනී)...”
මාගේ අතින් මිදී කුඩා Jihyun කුමරුන් සිනහ වෙමින්ම තම මෑණියන් අසලට දිව ගියේ අවට ඇති සියල්ලක්ම අමතකව ගොස් ඇති ආකාරයෙන්.“Jihyun-ah ඇයි ද ඔබ මෙතරම් වේලාවක් සැඟවී සිටියේ..? බලන්න පාලිකාවන් කොතරම් බියට පත් වීලා ද කියා... Eomoni (මෑණියන්) ත් බියට පත් වූවා ඔබට කරදරයක් ද කියා...”
Gunbuin mama කුමරුන්ව වැලඳ ගනිමින් ඇසුවා. එතුමිය සැබවින්ම බියට පත්ව ඇති බව එතුමියගේ මුහුණෙන් පෙනී ගියා.“මා හට සමා වන්න eomoni (මෑණියනි)... ඔබවත් පාලිකාවන්වත් බියට පත් කිරීම පිළිබඳව... එහෙත් eomoni (මෑණියන්) මා හට දොස් පවරන්නේ නැතිද..?”
කුඩා කුමරුන් එසේ ඇසුවේ කණගාටුවෙන්. එතුමා මත මෑණියන් බියෙන් සිටිනවා කියා වටහා ගන්න ඇති.
“නැහැ පුතණුවනි... මා හට ප්‍රමාණවත් ඔබ ආරක්ෂිතව පැමිණීමම...”
Gunbuin mama කුමරුන්ගේ හිස පිරිමදිමින් පැවසුවා.“මා හට සමා වන්න eomoni (මෑණියනි)... එහෙත් මේ බලන්න... මා හොඳින්... එනිසා දැන් eomoni බිය වන්න අවශ්‍ය නැහැනේ... මා මාලිගාවෙහිනේ සිටින්නේ එනිසා නැවත බිය වන්න එපා eomoni (මෑණියනි)...”
කුමරුන් gunbuin mama ව වැලඳ ගනිමින්ම පැවසුවා. මා දන්නවා කුමරු කොතරම් තම මෑණියන්ට ආලය කරනවද කියා.
YOU ARE READING
❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]
Historical Fiction[EP 31 - 50 under editing] [EP 1 - 30 edited] (2023. 09. 28) "මා මතු කලක දී ඔබව අනිවාර්යයෙන් ම නැවත සොයා ගන්නම්... මා ඔබව දුටු සැනින් හඳුන ගන්නම්... නැහැ..! මා ඔබව දැකීමටත් පෙරාතුව හඳුනා ගන්නම්... ඔබට ආලය කරන්නම්... සමා...