Chapter 32

1K 197 3
                                    

(Jin's pov)❤

අපේ හිටපු fashion designer එකපාරටම වෙන entertainment එහෙකට ගිය නිසා අනික අපේ comeback එක ලඟ එන නිසාත් අපි ලොකු අමාරුවක වැටුනා. ඒ නිසයි Bang PDnim පුළුවන් තරම් ඉක්මනට designer කෙනෙක් හෙව්වේ. අන්තිමේදී PDnim අපිට කිව්වා අලුත් fashion designer කෙනෙක් එනවා කියලා. ඒ නිසයි අපි හැමෝම අද මේ meeting room එකට රැස් වුණේ.

ඒත් අපේ ඒ අලුත් designer ව දැක්ක ගමන් මට හිතා ගන්න බැරි වුනා. මං මේ දකින්නේ හීනයක් ද නැත්තන්  ඇත්තක්ද කියලා. ඒ නිසාමයි මං මගේ ඇස් දෙක පිහදාලා බැලුවේ ඒක ඇත්තක්ද කියලා.

මං group එකේ big hyung නිසා මං මගේ කොල්ලෝ ටික ගැන හොඳට හොයලා බැලුවා. එයාලගේ හිත්වල තියෙන වේදනාවන් ඒ වගේම අපේ busy ගතිය නිසා ඇති වෙන stress එක යන්නත් එක්ක මං joke එකක් එහෙම කරලා හිටියට මං මගේ හිතේ තියෙන දේවල් එච්චර එයාලට කියන්න ගියේ නෑ.

මං එයාලා ඇහුවත් මොනාත් නැති ගානට වෙලාවකදී ඉන්නේ එයාලට freely ඉන්න අවස්ථාව දෙන්න ඕන නිසා. ඒ නිසාමයි මං මේ දකින එකම හීනයක් ගැනවත් කියන්න ගියේ නැත්තේ. අනික මේ පිස්සු කොල්ලො ටික මේ හීන ගැන දැන ගත්තොත් මට විසුමක් හම්බෙන්නේ නෑ නේ.

මං doctor කෙනෙක් ගාවට ගිහින් බැලුවා මේ වගේ එකම හීන පේන්න හේතුව මොකක්ද කියලා බලන්න. ඒත් ඉතින් හැම doctor කෙනෙක්ම කියන්නේ එකම දේ. ඒ එක doctor කෙනෙක්වත් මට සෑහෙන විදිහේ උත්තරයක් දුන්නේ නෑ. අන්තිමට මට ඒ හීන දකින එක පුරැද්දකට ගියා. ඇත්තෙන්ම කිව්වොත් මාත් හීනයක් බලාපොරොත්තුවෙන් ඉන්න තරමට ඒක සාමාන්‍ය දෙයක් වුණා.

ඒත් මං එක දවසක් දැකපු හීනයක් නිසා මට එක නිගමනයකට එන්න පුලුවන් වුණා. ඒ හීන අපේ අතීත මතකයන් කියලා. අපේ සහෝදර බැඳීම එන්නේ ලඟකදී ඉදන් නෙමේ ගොඩක් කාලෙකට කලින් ඉදන් කියලා. ඒත් අනිත් අයට මේව මතක නැති වුණත් එයාලගේ හිත්වල තියෙන තියෙන සහෝදර බැඳීම එයාලට ඇවිත් තියෙනවා.

අපේ අතීතෙට සම්බන්ධ තවත් චරිතයක් මෙහෙම හම්බවෙයි කියලා මං පොඩ්ඩක්වත් බලාපොරොත්තු වුණේ නෑ. අනික මගේම පවුලේ කෙනෙක්. Taehee ya... ආයෙමත් එයාගේ අයියා ගාවට ඇවිල්ලා. මගේ ඇස් වලට පුංචි සතුටු කඳුළක් ඉනුවත් මං ඒක හංග ගත්තේ කවුරුවත් දැක්කොත් මට කියන්න උත්තරයක් නැති වෙන නිසා.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now