3 කොටස

5.3K 817 17
                                    


3 කොටස...

සිහිය ආපු ඊලග තත්පරේම මම චිමී ගාවට දුවලා ගිහින් එයා ලග බිමින් වාඩි වෙලා එයාගේ නලලට අත තියලා බැලුවා.. එයාගේ ඇග ගොඩක් රස්නෙයි.. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඇගක තියන විදියේ රස්නයක් නෙවෙයි..

- " චි.. චිමී.. ඔයාට මොකද උනේ.. ඔයාව ගිනිගන්නවා වගේ.. "

-" මම දන්නවා.. "
එහෙම කියලා එයා අමාරුවෙන් හිනාවෙවී මගේ අතින් තද කරලා අල්ලගත්තා..

-" මට අමාරුයි ඔලී "
චිමී කෙදිරිගාලා වගේ කිව්වා..

- " මන් ඉක්මනට ඩොක්ට කෙනෙක්ට කතා කරන් කරන්නම්.." මම එතනින් නැගිටලා එලියට දුවන්න හැදුවේ..

-" එපා.. මාව දාලා යන්න එපා. මගේ ලගින් ඉන්න.. "
එහෙම කියලා එයා මගේ අතින් ආයේ ඇද්දා..

-" ඒත් ඔයා ලෙඩින් චිමී.. ඔයා හොස්පිට්ල් යන්න ඕන.. "

චිමී ආයේ අමාරුවෙන් හිනාවුනා..
-" මම ලෙඩින් නෙවි. ඔයාට පුලුවන්ද මගේ ෆෝන් එකෙන් නම්ජූන් හ්‍යුන්ග් ට කෝල් එකක් දීලා එන්න කියන්න. "

-" එත් චිමී.. "

-" just do it olly"

හ්ම්ම්.. මම නිදහස් අතින් එයාගේ ෆෝන් එක අතට අරන් නම්ජූන් හියුන් කියලා තිබුන නම්බර් එක ඩයල් කලා..

මම මේ කෙනා කව්ද කියලා දන්නෙත් නෑ.. හැබැයි මට මෙතනට කවුරු හරි ඕන උනා.. අඩු ගානේ චිමීව උස්සලා හොස්පිට්ල් එකකට අරන් යන්න පුලුවන් කෙනෙක්.. මගේ ඔලුව අවුල් ජාලාවක් වෙලා.. මට තේරෙන්නේ නෑ මම මොකක්ද කරන්න ඕන කියලවත්..

-" අන්‍යාසයෝ.. "
ගැබුරු කටහඩකින් කවුරු හරි කතා කලා.. මම ෆෝන් එක කනට තද කරලා තියාගෙන එයාට විස්තරේ මට තේරෙන විදියට ඉක්මනට පුලුවන් තරම් කෙටියෙන් කිව්වා..

-" අරස්සෝ.. අපි ඉක්මනට එන්නම්. ඔයා ඔහොමම එයත් එක්ක ඉන්න.."

මම ෆෝන් එක පැත්තකින් තියලා චිමීගේ ඔලුව මගේ උකුලට ගත්තා.. එයා ඇස් තදින් පියාගෙන තොලත් විකාගෙන ලොකු වේදනාවක් තද කරගෙන හිටියේ.. මම එයාගේ කොන්ඩේ අතරින් මගේ ඇගිලි ගෙනිච්චා..

-" මාව දාලා යන්න එපා.. "

-" නෑ.. මම මෙතන ඉන්නවා චිමී.. මම මෙතන.. ඔයාට මොකුත් වෙන්නේ නෑ.. "

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now