10 කොටස

4.7K 809 30
                                    

අපි ගෙදර ආපු ගමන් අම්මා මගේ අතට ආයේ moonstone ring එක දැම්මා.. අම්මා ඒක ඉල්ලගෙන තමයි ඇවිත් තිබුනේ.. මම උඩට ගියා මගේ බෑග් ටිකයි පාස් පෝට් එකයි අරන් එන්න.. එහෙමම වොශ් රූම් එකට ගිහින් ඇදුම් මාරු කරගෙන ඇදන් හිටපු කලිසමයි ශර්ට් එකයි බෑග් එකට ඔබා ගත්තා.. ඒ ඇදුම් වල සුවදින් කියන්න පුලුවන් ඒවා චිමීගේ ඇදුම් කියලා.. මට ඒවා දාලා යන්න හිතුනේ නෑ..

බෑග් එකත් අරන් පහලට එනකොට තමයි දැක්කේ චිමීත් එක්ක නම්ජූන් ඔප්පයි එල්ඩර් සීයා කෙනෙකුයි ඇවිත් ඉන්නවා. මන් පඩිපෙලේ අන්තිම අඩිය තියනකොටම චිමී මගේ අතේ තිබ්බ බෑග් උදුරලා විසි කරලා අතින් ඇදගෙන ගෙයින් එලියට එක්කන් ගියා..

-" චිමී.. මොකක්ද වෙලා තියෙන්නේ.. "

-" we need to talk "

එයා මගේ අතින් ඇදගෙන පාර අයිනටම එක්කගෙන ගියා.. ගොඩක් රෑ වෙලා නිසා පාරේ වාහන ගියේම නැති තරම්..

මම එයාගේ අත අතෑරලා පපුවට අත් දෙක බැදගෙන හිටගත්තා..

-" ඔලී.. මන් දන්නවා මම පරිවර්තනය වෙන්න කලින් හොදට හැසිරුනේ නෑ කියලා.. ඒත් මගේ වෘකයට විතරක් නෙවෙයි මටත් ඔයාව ඕන.. ඔයා විතරක් ඕන.. "

-" මම කොහොමද චිමී ඔයාව විශ්වාස කරන්නේ.. මාත් එක්කත් නිදාගත්තට පස්සේ ඔයාට මාව එපා උනොත් "

මම එහෙම කිව්වා විතරයි චිමීට ආයෙම තරහා ගියා.. එයා මගේ අතින් ඇදලා එයාගේ ලගට අරගෙන මගේ මූනට ලන් උනා..

-" නිදාගන්න කතා කියන්න එපා.. මම අඩු ගානේ ඔයාට කිස් එකක් වත් දීලා නෑ තාම.. "

-" චිමී come down.. තරහ ගන්නේ නැතුව කතා කරන්න.. "
මම එහෙම කියලා අඩියක් පස්සට ගත්තා..

චිමී උඩට හුස්මක් අරගෙන ආයේ රිලැක්ස් උනා..
-" ඔලී මට එක චාන්ස් එකක් දෙන්න. මම ඔයාට පෙන්නන්නම් මම වෙනස් වෙලා කියලා.. "

-" දැන් පරක්කු වැඩි චිමී.. අපි දැන් යන්න ඕන.. "

-" යන්න එපා ප්ලීස්.. "

-" තේරුම් ගන්න චිමී.. "

මම එහෙම කිව්වම චිමී අමුතු විදියට හිනා උනා..

-" ඔයා යන්නේ නෑ.. ඔයාට යන්න වෙන්නේ නෑ.. '

-" හොදයි ඔයා මාව නවත්තන්නද හදන්නේ.. එහෙනම් කරලා බලමු.. "

ඔලි (Sinhala fanfiction ) Donde viven las historias. Descúbrelo ahora