- " ඔලී.. ඔලී.. නැගිටින්න.. "
කවුරු හරි මගේ මූනට තට්ටු කරනවා දැනිලා මම ඇස් ඇරියා..
-" චිමී.. "
-" ඔලී.. මයි ගෝඩ් සොරි.. මන් හිතුවෙ නෑ ඔයා ඔච්චර බය වේවි කියලා.. "
චිමී හොදටම බය වෙලා මගේ ඔලුව උකුලේ තියාගෙන කම්මුල් වලට තට්ටු කරනවා.. එයා දැන් ආයේ මනුස්සයෙක් වෙලා ඉන්නවා දැක්කම හිතට පොඩි සහනයක් දැනුනත් මම තාම ශොක් එකේ හිටියේ..
-" චිමී.. "
-" ඔලී.. දැන් හොදයි.. බයවෙන්න එපා.. "
-" චිමී.. ඔයා.. ඔයා.. ලොකු බල්ලෙක් උනා.. "
මම එහෙම කිව්වා විතරයි චිමියා ඇහි බැමක් උස්සලා මම දිහා බලලා මට රැව්වා..-" බල්ලෙක් නෙවි වෘකයෙක්"
-"whatever.. දෙකම එකයිනේ.. ඒත් කොහොමද "
-"දෙකම එක නෑ.. මම වෘකයෙක්..
චිමී ආයේ රැව්වා.. "
මේකා ආයේ වෘකයෙක් වෙයිද මන්දා..මම කෙලින් වෙලා බිමින් වාඩි වුනා.. මගේ ඔලුව පිස්සු වගේ..
-" චිමී.. චිමී.. කොහොමද එහෙම වෙන්නේ.. මගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක් විතර තියනවා.. මොකක් අහන්නද කියලා හිතාගන්න බෑ.. "
චිමී හිනාවුනා..
-"හොදයි.. ඔයාට ඔය ප්‍රශ්න සේරම අහන්න ජීවිත කාලයක්ම තියනවා.. මම කොහෙවත් යන්නේ නෑ.. වැදගත්ම ප්‍රශ්න දෙකක් තුනක් දැන් අහන්නකෝ.. "-"ම්ම්ම්... එතකොට ඔයා හැමදාම පන්තියේ පලවෙනියා උනේ ඔයාගේ supernatural මොලෙන්ද? "
-"වට්.. ඔලී.. මෙච්චර දේකට පස්සෙත් ඔයා ඉස්සෙල්ලම අහන්නේ ඔය ප්‍රශ්නෙද.. "
-" මොකක්ද ඉතිං.. මට ඒක වැදගත්.. "
-" හොදයි.. මම පරිවර්තනය වෙන්න පටන් ගත්තේ නම් 20 වෙනි බර්ත්ඩේ එක දවසේ ඉදලා.. ඒත් කලින් ඉදලා මගේ වෘක මොලේ තියෙන්න ඇති.. "
-"යා... that's cheating.. "
-" I'm intelligent and sexy you know"
-" bullshit.. හොදයි.. දෙවනි ප්‍රශ්නේ.. ඔයා බල්ලෙක් වුනු වෙලාවේ.. "
-" යා... "
-" හරි හරි.. වෘකයෙක් උනු වෙලාවේ.. ඔයාගේ ඇදුම් සේරම ඉරුනා නේ.. ඔයා දැන් කොහෙන්ද ඇදුම් හොයා ගත්තේ.. "