මම ඔලුව වැනුවම චිමී මගේ කටින් අත හෙමීට ගත්තා.. මගේ අතින් ඇදගෙන ජනේල ගාවට එක්කන් ගිහින් ලොක් එක ඇරලා මගේ බඩ වටෙන් අත දාලා තද කරලා අල්ලගත්තා..-" මාව තද කරලා අල්ලගන්න ඔලී.. අපි පනින්නයි යන්නේ.. "
මන් ඇස් දෙක පියාගෙන තද කරලා චිමීව බදාගත්තා.. චිමී මාව අල්ලගෙන එක පාරට ජනේලෙන් බිමට පැන්නා..
-" හරි දැන් අතාරින්න. ඔයා ඔහොම බදාගෙන ඉන්නකොට මට වෙන වෙන ඒවා හිතෙනවා.."
මන් ඉක්මනට චිමීව අතෑරලා අයින් උනා..
චිමී කට කොනකින් හිනා වුනා..
-" ඔලී මම පරිවර්තනය වෙනවා.. ප්ලීස් කලන්තේ දාන්න නම් එපා.. පරිවර්තනය උනාට පස්සේ ඔයා මගේ කරට නැගලා බෙල්ල බදාගන්න. "-" පිස්සුද ? ඔයා බයික් එකේ නෙවෙයිද ආවේ.. මට බෑ.. "
-" ඇයි එදා එහෙනම් ටේයොන් කරේ යන්න කතා කලාම හා කිව්වේ.. මාත් එක්ක යන්න බැරි ඇයි.. "
ච්මීගේ ඇස් වල ආයේ පාට වෙනස් උනා..-" හ්ම්ම්.. එන්නම්.. "
චිමී හිනාවෙලා ශර්ට් එක ගැලවලා මගේ අතට දුන්නා.. මම ඉක්මනට අහක බලාගත්තා..
-" ඔහොම ලජ්ජා තිබුනොත් ඇති ඉතිං.. ඔයා මේවට පුරුදු වෙන්නත් ඕනනේ.. මන් කලිසමත් ගලවලා දෙනවා.. අපි පැක් හවුස් එකට ගියාම මට ආයේ ඇදුම් ටික දෙන්න.. "
මන් අහක බලාගෙනම ඔලුව වැනුවා.. ටිකකින් මගේ ඉස්සරහට කලිසමකුත් දික් උනා.. මන් ඒකත් අරගෙන දෙකම එකට ඔතාගත්තා..
ආයෙම ඇටකටු පොඩිවෙන සද්දයක් එක්ක ගොරවන සද්දයක් ඇහුනමයි මම හැරිලා බැලුවේ.. සිල්වර් කලර් ලෝම එක්ක රතු ඇස් තියන ලොකුම ලොකු වෘකයෙක් මගේ ඉස්සරහ හිටගෙන හිටියා..
--------------
වෘකයෙක්ගේ පිටේ යන එකෙන් මම සතුටු උනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.. ඒ හැගීම වෙනමම හැගීමක්.. චිමීගේ ලෝම හරිම සිනිදුයි.. හද එලියට ඒවා දිස්නේ ගහනවා.. චිමීගේ ඇගේ රස්නේ නිසා වටේ සීතල දැනුනේවත් නැති තරම්.. කොහොම උනත් පැක් හවුස් එක ලගට එනකොට ගැස්සිලාම මගේ බඩ කැලෙතෙන්න වගේ ආව නිසා පිටෙන් බැස්ස ගමන් මම ඇදුම් ටිකත් බිම දාලා ගේ ඇතුලට දිව්වේ චිමී පිටිපස්සෙන් ගොරවනවා ඇහෙද්දිමයි..