චිමීට හොද වෙන්න පැය 6 ට වඩා යනවලු.. එල්ඩර් සීයා එයාට සිහි නැතිවෙන්න බෙහෙතක් දීලා තිබුනු නිසා එයාට සිහි එනකම් අපි කට්ටියම තැන් තැන් වල වාඩි වෙලා කයිය ගහ ගහ හිටියා..
නම්ජූන් ඔප්පයි යුන්ගි ඔප්පයි බඩු වගයක් ගන්න ටවුන් එකට ගිය අතරේ ටේයොන් මට කතා කරා කැලේ දුවන්න යන්න..
මට ආයේ පරිවර්තනය වෙන්න නම් පොඩ්ඩක් වත් ආස හිතුනේ නෑ.. ඒත් එල්ඩර් ආච්චිට නම් දිගින් දිගටම ඕන උනා මාව ආයේ වෘකයෙක් වගේ දකින්න.. මම මුද්ද ගලවලා අම්මගේ අතට දීලා කාමරේට ගිහින් ඇදුම් ගලවලා මගේ වෘකයාට කතා කලා.. ටිකකින් ඇග පුරා දුවන ලොකු වෙදනාවක් එක්ක මාව ටික ටික පරිවර්තනය වෙන්න ගත්තා..
මම ගිහින් කන්නාඩියක් ඉස්සරහින් හිටගත්තා.. හැමෝම කියන සුදු වෘකයා මොන වගේද බලාගන්න..
හොදයි.. මම බල්ලෙක්.. සුදු පාට ලොකුම ලොකු බල්ලෙක්.. මේකේ ඔච්චර පුදුම වෙන්න මොනවා තියනවද මන්දා..
ටිකක් ලස්සන එක නම් පොඩ්ඩක් හිතට සහනයක්..
මදැයි මටත් වෙච්ච දෙයක්.. දිට්ට ධම්මවේදනීය කර්ම ක්ශනිකව පල දෙනවා කියන්නේ මේකට තමයි.. චිමීට විහිලු කරලා අන්තිමට මාත් බල්ලෙක් උනා..මන් ඔලුවත් පහත් කරගෙන කාමරෙන් එලියට එනකොටම කට්ටිය හූස් ගගා පලවෙනි වතාවට දැක්කා වගේ මගේ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.. අම්මයි තාත්තයි ගැන කියනවනම් එයාලා කොහොමත් මේ පලවෙනි වතාව නිසා ශොක් වෙලා වගේ හිටියේ..
ටේයෝන් හිනා වෙලා පුටුවකුත් උඩින් පැනලා මගේ ලගට ඇවිත් ඔලුව අතගෑවා.. මම ගෙරෙව්වා..
-" අජුම්මා ඔයාට තව දුවෙක් එහෙම නැද්ද.. හංගගෙන වගේ.. මටත් සුදු වෘක මේට් කෙනෙක් ඕන.. "
අම්මලායි කට්ටියම හිනා උනා.. මාත් ඇතුලේ ඉදන් හිනා වුනා..
-" එක්කෝ ඔලී ජිමින් වැඩක් නෑ.. මම ඔයාව මාර්ක් කරන්නම්.. "
-" ටේයොන් ජිමින්ට සිහි නැති එක ගැන ඔයා සතුටු වෙන්න. නැත්නම් ඕක ඇහුන නම් මෙතන මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ.. "
ජින් ඔප්පා එහෙම කියලා සිරි සිරි ගාලා හිනා වුනා.. මම ගෙයින් එලියට බහින කොටම ජන්කුක් නුයි ටේයෝන් නුයි දුවගෙන එලියට ඇවිත් උඩින් ඈතට පනින ගමන් එකපාරට පරිවර්තනය උනා.. ඇදුම් කෑලි කීතු කිතු වෙලා වටේට වැටුනා.. අම්මපා මෙයාලට අලුත් ඇදුම් වලටම සෑහෙන්න ගානක් වියදම් වෙනවා ඇති..