12 කොටස

4.6K 801 58
                                    

12 කොටස....

-" ඇදුමක් ඇදන් ආවොත් දෙන්නම්.. "

-" ම්ම්ම්.. ඇයි මෙහෙම ඉන්නකොට දෙන්න බැරි.. "
චිමී මගේ මුන ගාවට පහත් වෙලා ඇහුවා.. මම තව ටිකක් තද කරලා ෆෝන් එක අල්ලගත්තා..

-" ප්ලීස් චිමී ඇදුමක් ඇදගන්නකෝ.. "

ම්ම්.. හරි හරි.. එහෙම කියලා චිමී බෑග් එක ලගට ගිහින් නැවිලා ඇදුමක් ගත්තා..
මම ෆෝන් එකෙන් ඇස් අරගෙන එයා දිහා ගල් වෙලා බලාගෙන හිටියා.. මන් කෙසේ වෙතත් මගේ වෘකයට නම් ඒ වෙලාවේ පිස්සු හැදිලා හිටියේ.. චිමී ඇදුම් අතට අරගෙන ටවල් එක ගලවනකොට නම් මමයි වෘකයයි දෙන්නම ඇස් පියාගත්තා..

-" හරි දැන් ඇස් අරින්න.. ඉවරයි.." එහෙම කියාගෙන චිමී ඇදට ඇවිත් මගේ ගාවින් වාඩි වුනා..

-" අම්ම්.. මාත් වොශ් එකක් දාගෙන එන්නම්.. "

මන් නැගිටලා දුවන්න හදනකොටම චිමී මගේ අතින් ඇදලා ආයේ වාඩි කරවා ගත්තා..

-" ඔලී.. පොඩ්ඩක් වාඩි වෙන්නකෝ.. සීරියස්ලි ඔයාට මගේ ගැන ෆීලින්ග්ස් එන්නෙම නැද්ද.."

-" චිමී.. මට පොඩ්ඩක් කල් දෙන්නකෝ.. "
මම බිම බලාගෙන එහෙම කිව්වා..

-" හ්ම්ම්.. කිස් එකක් දෙනවද.. "

-" හා.. හැබැයි කම්මුලට "
මම එහෙම කියද්දි නම් මූන බෙරි උනා එයාගේ..

- " ok.. "

චිමී කම්මුල මගේ මූන ගාවට ලං කලා.. මම ඇස් දෙකත් පියාගෙන තොලත් උල්කරගෙන එයාගේ මූන ගාවට ලංවෙනකොටම මගේ තොල්වලට තෙතට මොනාහරි වැදුනා..

ඒක නම් කම්මුලක් වෙන්න බෑ.. මම කලබල වෙලා ආපහු පස්සට පනින්න හදනකොටම චිමී මගේ බෙල්ල වටේ අත දාලා තද කරලා අල්ලගෙන මාව කිස් කරන්න ගත්තා.. මම දගලන එක නවත්තලා එයාට ඉඩදුන්නා.. මට තේරෙනවා කෙල්ලෝ මෙයාට මෙච්චර පිස්සු වැටෙන්නේ ඇයි කියලා මායාවක් වගේ මෙයාට ඕන කෙනෙක් වශී කරගන්න පුලුවන්.. ඒත් ඒ කිස් එකේ කිසිම රාගික බවක් නෑ.. හරිම සන්සුන්.. හරියට තමන් කැමතිම අයිස්ක්‍රීම් එකක් හිමීට හිමීට රසවිදිනවා වගේ..

-" අපි ඇතුලට එන්නද?"

එක පාරට ආපු සද්දේ නිසා අපි දෙන්නම ගැස්සිලා දෙපැත්තට උනා..

ඔලි (Sinhala fanfiction ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin