9 කොටස....
ඇතුලට දුවලා ඉස්සෙල්ලම දැකපු කාමරේට ගිහින් දොර වහලා දොර ගාවින්ම බිමින් වාඩි වෙලා ඔලුව දනහිස අස්සේ ගහගත්තා.. මගේ ඇග තාමත් වෙව්ලනවා වගෙයි දැනෙන්නේ.. දෙවියනෙ මේක ඇත්තක්ද.. මම කොහොමද වෘකයෙක් වෙන්නේ.. මේක බෝවෙන ලෙඩක්ද. එතකොට අම්මලත් වෘකයොද.. මට පිස්සුද.. ඒ මදිවට දැන් උනු ලජ්ජාව නිසා මම කොහොමද කට්ටියට මූන දෙන්නේ.. අයියෝ..
-" අනේ.. මට බල්ලෙක් වෙන්න ඕනි නෑ.. "
මම හිමීට මිමිනුවා..එතකොටම දොර එලියෙන් හිනාවෙන සද්දයක් ඇහුනා..
-" ඔලී.. technically ඔයා බල්ලෙක් නෙවී.. බල්ලගේ ගෑනු සතා.. "
-" shut the fuck up chimy. I 'm not in the mood to joke.. "
මම ගෙරෙව්වා.. දෙවියනේ මම දැන් ගොරවනවත් එක්ක..
දොර එහාපැත්තෙන් චිමී වාඩිවෙන සද්දේ මට ඇහුනා..
-" ඔලී.. ඔයා හරිම ලස්සනයි.. අහ්.. මන් මේ කිව්වේ ඇදුම් නැතිව ඔයා නෙවෙයි.. ඔයාගේ වෘකයා.. හිම වගේ සුදු පාට ලෝමත් එක්ක අහස වගේ නිල් ඇස්.. අරමත් ලස්සනයි හැබැයි.. "
මම ආයෙම ගෙරෙව්වා..
-" ඔයා මම කියන දේ ඇහුවෙ නැති උනාට ඔයාගේ වෘකයා මට කැමතියි.. අහන්න එයාගෙන්.. "
චිමී කිව්ව කතාව ඇත්ත.. මගේ එක පාර්ට් එකක් චිමීව reject කලාට අනික් පාර්ට් එක එයාගේ ලගින් එන සුවදට පිස්සු වැටිලා හිටියේ.. ඒත් එක්කම ඈතින් කාර් එකක් ඇවිත් වේගෙන් බ්රේක් කරන සද්දයක් එක්ක මගේ අම්මගේ කටහඩ ලාවට වගේ ඇහුනා.. චිමීත් දොර ගාවින් නැගිටින සද්දෙත් එක්ක මාත් ඉක්මනට නැගිටලා දොර ඇරගෙන එලියට ගියා..
අම්මා කලබලෙන් දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. ඊට පස්සේ මාව එයාගේ ඇගෙන් ඈත් කරලා ඔලුවේ ඉදලා අත ගගා බැලුවා මට තුවාල වෙලාද කියලා.. අත අල්ලලා ඊට පස්සේ වටේ බලලා කෑ ගැහුවා..
-" කෝ moonstone ring .එක.. ඒක දෙන්න දැන්ම.. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න.. අපි දැන්ම ලංකාවට යනවා.. "
අම්මා ගොඩක් කලබලෙන්, තරහින් කෑ ගැහුවා..
ඒත් එක්කම එල්ඩර්ස්ලා දෙන්නෙක් එතනට ඇවිත් අම්මට කතා කලා..