14 කොටස

4.5K 811 48
                                    

14 කොටස...

තොල් වලට බර වෙලා එක පාරට මාව කිස් කරන්න ගත්තා.. මම දගල දගල මගේ අත් දෙක ගලවගන්න හැදුවත් චිමී අත් තව ටිකක් තද කරලා තියාගෙන මගේ යටි තොල හැපුවා.. එක පාරටම කටට ලේ රසක් දැනෙද්දී මම මුලු ඇගේම හයිය දාලා අත ගලවලා අරන් චිමීව තල්ලු කරලා වාඩි වුනා..

-" චිමී ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ.. "
මම අතින් කට පිහි දදා තරහෙනුයි පුදුමෙනුයි ඇහුවා..

-" මම ඔයාගේ ඇල්ෆා.. ඔයා මගේ විතරයි "

මගේ කටේ ලේ දැකලද කොහෙද චිමී පොඩ්ඩක් බය උනත් තාමත් තරහින් හිටියේ..

-" ඔයා මගේ ඇල්ෆා නෙවෙයි.. මම කාටවත් අයිතිත් නෑ.. ඔයාට අයිතියක් නෑ මාව එහෙම අල්ලන්න.. "
තරහටම මගේ ඇස් දෙකේ කදුලුත් පිරුනා..

-" සොරි ඔලී.. ඒත් ඔයාව ඌ අල්ලනවා දකිද්දී මට ගොඩක් තරහ ගියා.. "

-" ඒක හේතුවක් නෙවෙයි ඔයා ඔයාට ඕන විදියට මාව අල්ලන්න.. ඔයා කරන්න ගියෙත් හන් ටේ කරන්න ගියපු එකම තමයි.. "

-" නෑ.. මම.. මම වෙනස්.. මම ඔයාගේ ඇල්ෆා.. මොකක්ද මම ඔයාව මගේ කරගන්න හදන එකේ වැරැද්ද"

-" ඔයා හිතන්නේ දැන් ඒකට හරි වෙලාව කියලද.. "

-" ඔව්.. ප්ලීස් ඔලී.. මට ඔයාව මාර්ක් කරන්න දෙන්න.. අපි දෙන්නගේ බොන්ඩ් එක තවත් ස්ට්‍රෝන්ග් කරගන්නේ නැතුව මට ඔයාව ආරක්ෂා කරගන්න බෑ.. "

මම අත් දෙක මගේ උකුලෙන් තියාගෙන කල්පනා කරන්න ගත්තා..
චිමී මාව මාර්ක් කලොත් බ්ලැක් වුල්ෆ්ලා මාවත් එක්ක චිමීවත් මරාවි.. නම්ජූන් ඔප්පා කියන විදියට බලැකීලා එච්චර ශක්තිමත් නම් මම නිසා මේ හැමෝගෙම ජීවිත අනතුරේ.. චිමීව නොමැරුවත් උන් මාව මැරුවොත් යුන්ගි ඔප්පා වගේ චිමී ඉතුරු ජීවිත කාලෙම දුක් විදීවි.. මට කරන්න තියන හොදම දේ තමයි බ්ලැක් වුල්ෆ්ලා ලගට යන එක.. හේසු පටන් ගත්ත ප්‍රශ්නේ මම වත් ඉවර කරන්න ඕන..

-" මම ඔයාට කියන්නෙ නෑ මට දැන්මම ආදරේ කරන්න කියලා. ඒත් ඔයා මගේ නොවනතාක් මට ඔයාව ආරක්ෂා කරන්න අමාරුයි.. "

චිමී තාමත් කියවනවා.. මම හොද හුස්මක් අරන් චිමීගේ මූන දිහා බැලුවා..

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now