1 කොටස

7K 918 62
                                    

- " යා.. පාර්ක් ජිමින් නවත්තනවා ඕක. "

මන් අත් දෙකත් පපුවෙ බැදගෙන පුටුවෙ පස්සට වෙලා රැව්වා..

චිමී හිනාවෙලා මගේ දිහා බලලා ආයේ කොෆී ශොප් එකේ එහා ටේබල් එකේ හිටපු කෙල්ල දිහා බැලුවා..

- " what? she is hot"

ඔව්. මට පේනවා එයා හොට් කියලා.. එයාගේ ගවුම මොකට ඇන්දද කියලා මම කල්පනා කරන්නේ.. යන්තම් පස්ස වැහෙන්නේ..
චිමී ආයේ ගර්ල්ට ඇහැක් ගැහුවා..

- " stop it.. this is sooo disgusting.. මට වමනේ යන්නත් වගේ.. "

ඒත් මේ ජිමිනා මේ වැඩේ නවත්තන්නේ නෑ.. ශර්ට් එකේ බට්න් දෙකක් ඇරගෙන තොලත් විකාගෙන මොන විකාරයක්ද.. ඒ කෙල්ලත් එහා මේසේ ඉදගෙන මෙයාට flirt කරනවා.. ටිකකින් ඒ ගර්ල් නැගිටලා වොශ් රූම් පැත්තට ගියා..

- " ඔලී මට විනාඩි 10 ක් දෙන්න.. මන් ඉක්මනට එන්නම්.. "

- " යා චිමී.. මාව ගෙදර ඇරලවලා යන දේවාලෙක යනවකෝ.. "

- " විනාඩි 5 යි. නොම්බර් එක දීලා එන්නම්.. "

- " යා.. මෝඩයා.."

එයා කෙල්ලගේ පස්සෙන් ගියා.. මට හැමදාම මේ වැඩේ වෙනවා.. මේ කොල්ලත් එක්ක කොහේ හරි ආවොත් හැමදාම මේ වැඩේ වෙනවා..

පාර්ක් ජිමින්.. එහෙම නැත්නම් චිමී.. මගේ හොදම යාලුවා.. අම්ම්ම්ම්.. එකම යාලුවා කිව්වත් හරි ඉති‍ං.. මොකද මම මේ රටට ආවේ අවුරුදු 18 දී.. ඉතින් රූපේ වෙනස් නිසායි භාශාව බැරි නිසයි හයි ස්කූල් එකේදී මාව අනිත් අයගෙන් කොන් වුනා.. ඉතිං චිම් තමයි මම වෙනුවෙන් හැමවෙලාවෙම හිටියේ..
එයා හයි ස්කූල් එකේ ෆේමස්ම චරිතයක්.. ස්කූල් පොප් බෑන්ඩ් එකේ වොකලිස්ට් කෙනෙක්.. ඒ වගේම සම්පූර්ණයෙන්ම ප්ලේ බෝයි කෙනෙක්. එයා ප්ලේ බෝයි කෙනෙක් කියලා ස්කූල් එකේම ෆේමස් උනාට කෙල්ලෝ එයාත් එක්ක යාලු වෙන්න පොර කන එක නතර කලේ නෑ.. සමහර කොල්ලොත් ට්‍රයි කලා..

මට ගෑනු යාලුවෝ හිටියෙම නැති තරම්.. අඩු ගානේ මාත් එක්ක කෙල්ලෙක් කතා කරොත් කතාකරන්නේ හේතු දෙකකට විතරයි..
එකක් චිමීගේ නොම්බර් එක ඉල්ලගන්න.. නැත්නම් මන් චිමීගේ ගර්ල් කියලා හිතලා මට බනින්න..

මම ඔලීනා.. ඒකේ අනිත් පැත්ත.. මට ඕනි වුනේ හොදට ඉගෙනගෙන දවසක ඩොක්ටර් කෙනෙක් වෙන්න.. හරියට මගේ අම්මා තාත්තා වගේ.. මට ඕන උනේ නෑ කා එක්ක වත් සම්බන්ධයක් තියාගන්න වත් ඔය ආදරේ වගේ විකාර වැඩ කරන්නත්.. මන් හිතන්නේ ඒක නිසා තමයි චිමීයි මමයි මැච් උනේ.. මොකද එයාට බ්‍රේක් එකක් ඕන උනා එයාට ෆ්ලර්ට් කරන කෙල්ලොන්ගෙන් සහ මට ඕන උනා මට ආදරේ නොකරන යාලුවෙක්ව..

චිමී එක කෙල්ලෙක් එක්ක අඩු ගානේ සතියක් වත් සම්බන්ධයක් තියාගත්තේ නෑ.. ඒත් ඒක දැන දැනම කෙල්ලෝ එයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති වෙලා හිටියා.. මට එයාගේ මේ විකාර වැඩ හොදටම හුරුයි.. ඒක ගානක් නැති තරම්.. අපි දෙන්නා අතර රහස් තිබුනේ නෑ.. එයා නිතරම මාව සතුටින් තියන්න වග බලා ගත්තා වගේම කිසිම කොල්ලෙක් මට ලයින් නොදාන්නත් වග බලා ගත්තා.. ඒක ඇත්තටම මට සහනයක් උනා.. එයාගේ යාලුකම තමයි මට මෙහෙදී ලැබුනු හොදම දේ..

- " ඔලී.. මන් ආවා.. වැඩි වෙලා ගියේ නෑ නේද.. "

- " ඊව්... ඊව්ව්ව්.. චිමී.. ඔය බට්න් දාගන්න.. ලිප්ස්ටික් පැල්ලම් පේනවා..
මට මේක විශ්වාස කරන්නත් බෑ.. වොශ් රූම් එකේ.. සීරියස්ලි.. "

චිමී ටිශූ එකකින් මූන් පිහිදදා මන් දිහා හිනාවෙලා බැලුවා..

- " අම්ම්.. චිමී.. ඔයා හනා උන්නිට චීට් කරනවද.. ඔයා දන්නවා එයා මගේ කසින් කෙනෙක් කියලා.. "

- " ම්ම්ම්.. නෝ.. මන් එයාත් එක්ක බ්‍රේක් අප් උනා.. පෙරේදා..."

-" වට්.. ආ යූ ක්‍රේසි.. එයා කොච්චර හොද ගෑනු ලමයෙක්ද.. "

-" ඇත්තටම එයාගේ පපුව ලෑල්ලක් වගේ.. හරි යන්නේ නෑ.. "

-" මට විශ්වාස කරන්නත් බෑ ඔයා මාත් එක්ක එහෙම දෙයක් කිව්වා කියලා.. ඕහ්.. ගෝඩ් මේක මගේ මෙමරි එකෙන් මකන්න.. "

- "මාව ගෙදර ගිහින් දානවා.. දැන්ම.. "

-------------
ආයෙමත් කියනවා දරාගන්න පුලුවන් අය විතරක් කියවන්න..

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now