5 කොටස

5.2K 844 99
                                    

-" අයිගෝ... කෙල්ලට ලජ්ජ හිතුනද.. මෙහේ ඕවා නෝමල් අනේ.."
එහෙම කියලා සේරි ඔන්නි මාවත් ඇදන් කුස්සියට එක්කන් ගියා..

-" ඉතිං මේට් කෙනෙක් තාම හොයාගෙන නැති කෙනෙක්ට හීට් එක ආවොත් මොකක්ද කරන්නේ..
මන් ලජ්ජාව පැත්තකින් තියලා ඇහුවා.. "

-" එහෙම උනාම නම් ටිකක් අමාරුයි තමයි.. එයාලව රූම් එකකට දාලා තනි කරලා තියනවා.. "

-" ඔහ්හ්.. "

-" ඒත් මේට් කෙනෙක් ඉන්න කෙනෙක්ට හීට් එක ආවාම තමයි ගොඩක්ම අමාරු.. එයා කොහොම හරි මේට්ව හොයාගෙන යන්න හදනවා.. "

සේරි ඔන්නි කතා කරකරම අවන් එකේ තිබිලා බේක් කරපු කුකීස් වගයක් අරගෙන මට ඇල්ලුවා..

-" අම්මෝ.. මොකක්ද ඒ සුවද.. නූනා ආයෙම කුකීස් හැදුවද.. "

එහෙම අහගෙන එතනට කොල්ලො 3 දෙනෙක් ආවා.. තුන් දෙනාම ශර්ට් නැතුව කොට කලිසම් ටිකක් ඇදගෙන හිටියේ.. ඇගවල් වලින් දාඩිය බේරෙනවා..

මාව දැක්ක ගමන් තුන් දෙනාම බයවෙලා ආයේ එලියට දුවලා ශර්ට් ඇදගෙන ආයේ ආවා..

-" නූනාගේ කුකී සුවද නිසා තව කෙනෙක් ඉන්නවා කියලා ඉව ආවෙත් නෑ.. "
එහෙම කිය කිය හිනාවෙවී එතනට ආපු එක කොල්ලෙක් මගේ අතේ තිබුනු කුකී එක උදුරගෙන කෑවා..

-"යා.. ඒක මගේ.. "

-" දැන් ඒක මගේ බඩේ.. මම ටේයොන්.. අදුරගන්න ලැබීම සතුටක්.. ඔයා ඔලී නේද.. ජිමින්ගේ යාලුවා.. "

-" ඔහ්.. ඔව්.. මම ඔලී.. "

-" එතකොට මේ ඉන්නේ හොබී.. මේ ජන්කුක්.. "

-" ඔයාලා හැමෝම වෘකයොද.."
මම තව බිස්කට් එකක් කටේ දාගන්න ගමන් ඇහුවා..

-" ඔහ්.. ඔව්.. අපේ පැක් එකට කියන්නේ බැන්ග්ටන් පැක් එක කියලා.."
(කොහොමද නම 😁😁)

අපි 5 දෙනා ටිකක් වෙලා වල් පල් කියව කියව හිටියා.. ගොඩක්ම ඉතිං මම ප්‍රශ්න අහපු එක තමයි කලේ.. එයාලගේ අම්මලත් වෘකයොද.. කවදා ඉදලද පරිවර්තනය වෙන්න ගත්තේ.. ඕ වගේ ප්‍රශ්න සෑහෙන්න ප්‍රමානයක් මම එයාලට නිකුත් කලා.. දැන් නම් වෘකයෝ සම්බන්ධව පේපර් එකක් දුන්නත් උත්තර දෙන්න පුලුවන් වේවි.. ටිකකින් චිමී එතනට ආවා..

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now