6 කොටස

5.2K 812 32
                                    

මම දුවන්න හැරුනා විතරයි චිමී මගේ අතින් ඇද්දා.. මාව ඇදිලා ගිහින් මගේ පිට චිමීගේ පපුවේ වැදුනා.. මන් ඔලුව උස්සලා චිමී දිහා බලන්න හදනකොටම දඩං ගාලා සද්දයක් එක්ක දොර ඇරෙන සද්දයක් ආවා.. ඒ ස්ද්දෙට අපි දෙන්නම ගැස්සිලා දොර පැත්ත බැලුවේ..

නම්ජූන් ඔප්පායි යුන්ගි ඔප්පායි එක්ක ටේයොන් එතනට කඩාගෙන බිදගෙන ආවා..
එයාලා දැක්කා විතරයි චිමී මගේ බෙල්ල වටේ එයාගේ අත දාලා මාව එයාගේ ඇගට තද කරගත්තා..
අපේ ඉස්සරහින් හිටගත්ත නම්ජූන් ඔප්පගේ ඇස් එක පාරටම රතු පාට උනා.. එයා වෙනස් කටහඩකින් කතා කරන්න ගත්තා..

-" ජිමින්.. ඔලීව අතාරින්න.. "

-" No.. she's mine.. "
ගැබුරු කටහඩක් එකපාරට මගේ පිටිපස්සෙන් ඇහෙනවා එක්කම තව ටිකක් මගේ බෙල්ල තද වුනා..

-" මම කියනදේ ඔයාට අහන්න වෙනවා මම ඔයාලගේ ඇල්ෆා.. "

නම්ජූන් ඔප්පා රතු ඇස් ලොකු කරලා තරහින් කිව්වා.. යුන්ගි ඔප්පගෙයි ටේයොන්ගෙයි ඇස් කහ පාටින් දිලිසෙන්න ගත්තා.. එයාලා සේරම බල්ලෝ වගේ ගොරවනවා..

-" මට අණ දෙන්න එපා.. මාත් ඇල්ෆා කෙනෙක්.."

චිමී මගේ පිටිපස්සෙන් තරහින් ගොරවන ගමන් නම්ජූන් ඔප්පගේ පැත්තට පනින්න හැදුවා.. ඒකෙන් වාසිය අරගෙන මම එයාගේ අත තල්ලු කරලා නම්ජූන් ඔප්පාගේ පිටිපස්සට දිව්වා.... නම්ජූන් ඔප්පයි යුන්ගි ඔප්පයි චිමීව අල්ලගන්නකොටම ටේයොන් මගේ අතින් ඇදන් ගෙයින් එලියට එක්කන් ගියා..

මට හුස්මක් වැටෙන්න ගත්තේ ඒ වෙලාවේ තමයි.. මගේ කකුල් ඇවිදගන්නවත් බැරි තරමට වෙව්ලන්න ගත්තා.. මම එහෙමම බිම දන ගහත්තා..

-" ඔලී ඔයා හොදින්ද.. "
ටේයොන් මගේ පිටට තට්ටු කර කර අහුවා..

-" මොනවද මේ මගේ වටේ වෙන්නේ.. මන් මගේ පාඩුවේ පොතක් පතක් කියවගෙන හිටියා.. දැන් මම නිකම් සුපර්නැචුරල් ෆිල්ම් එකක ජීවත් වෙනවා වගේ දැනෙන්නේ.. මේක ඇත්තටම සිද්ද වෙනවද.. නැත්නම් මට පිස්සු හැදිලද.. "

මන් විකාරෙන් වගේ කියවන්න ගත්තා..

-" easy olly.. easy .. ටේයොන් ආපහු මගේ ඔලුව අතගෑවා.. "

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now