හැමදේම මගේ ඉස්සරහා කඩා වැටුණා වගේ හැගීමක් දැනුණා. මම රෑ එළිවෙනකම් ඇඩුවා. ඊළග දවසේ මම නැගිට්ටේ රස්සාවෙන් අස්වෙන්න තීරණය කළා. මම අස්වීමේ ලියුම තැපැල් කළා.
මට එළියට යන්න කිසිම ආශාවක් තිබුනේ නෑ...
~ පසු දිනෙක මගේ letter එක big hits එකට ලැබිලා. ~
💼 "Namjoon, ඔයා දන්නවාද මගේ assisten වෙන්න හිටිය කෙනත් අස්වුණා කියලා. මෙතන වැඩ ගොඩ ගැහිලා. PD මාව කන්න හදනවා. එයාට වෙලාවට Document එන්නෙ නෑ කියලා. ඔයාගේ අර file එකත් මම එවන්න." Manager කිව්වා.
🐨 "කවුරු අස්වුණා කියලාද කිව්වේ...?" Namjoon ඇහුවා.
💼 "අර යාළුවෝ දෙන්නෙක් හිටියේ... Yeo-ni, Min-soo දෙන්නා."
🐨 "ඒත් ඇයි..?"
💼 "ලියුමක් එවලා Yeo-ni. Min-soo අයින් වෙලා ගිහින් දැන් දවස් 5,6 ක් වෙන්වා."
හවස වාහනයත් drive කරන් Namjoon කෙළින්ම ගියේ Yeo-niගේ බෝඩිමට. Park එකේ වාහනය නතර කරලා Namjoon බෝඩිම දිහාවට ඇවිදන් ආවා. බෝඩිමේ දොරේ ගහලා තිබුණා "කුලියට දෙනු ලැබේ" කියලා board එකක්. Namjoon වට පිට බැලුවා. කවුරුත් නෑ.
'Yeo-ni, කොහේ යන්න ඇද්ද?' Namjoon වාහනයට නැගලත් විනාඩි කිහිපයක් කල්පනා කළා.
'මම Min-soo, මුණ ගැහෙන්න යන්න ඕනි.' Namjoon, Min-sooව හම්බවෙන්න තීරණය කළා.
ඒ වෙලාවේ Yeo-ni කාමරයට වෙලා කල්පනා කරමින් හිටියේ...
👵"අද Min-soo එන්න late වෙනවා කිව්වා... අද ක්ෂේත්ර චාරිකාවක් ගෙනියනවා කිව්වා නේ. අපරාදේ Yeo-ni දුවේ ඔයාටත් යන්න තිබුණේ..." Min-sooගේ Granny මගේ ලගට වෙලා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා.
🌼 "මට යන්න හිතක් නෑ Granny, ගියත් මට ඉගෙනගන්න තරම් හිත එක තැනක තියාගන්න බෑ." මට මම ගැනම ලොකු කළකිරීමක් දැනුනේ.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.