මගේ ඔලුවේ වැඩ කරේ අද කොයිම වෙලාවක හරි මට Chan-gun ට මුහුණ දෙන්න වෙයි කියන එක ගැනම විතරයි.
'මේ මොන හිසරදයක්ද?! මට හම්බුනොත් මම කියනවා හොද දෙකක් Chan-gunට. මේ හොදටම ඇති.' අන්තිමට මම තීරණය කරා වෙන දෙයකට මුහුණ දෙනවා කියලා. මම අන්තිමට university එකෙන් එළියට ආවේ මගදී Chan-gun මුන ගැහුනොත් එයාට බය නැතුව මුහුණ දෙන්න හිතාගෙන. මම main road එකට එනකම් ආවත් මට එයාව මුණ ගැහුනේ නෑ.
'හෑ.. මේකනම් පුදුමයක්..! එයාට මාත් එක්ක කතා කරන්නවත් ඕනි නැද්ද...? සමහරවිට එයා මම ගැන අදහස අත්හැරලාවත් ද? එහෙම වුනොත් නම් හොදයි.'
මම මගේ සුපුරුදු මාවතේ Min-soo ගේ ගෙදරට ගියා.' ටිර්ග්..! ටිර්ග්..! ' මම බෙල් එක එබුවා.
Min-sooගේ Grandmom දොර අරින්න එන සද්දෙ මට ඇහුනා. දොර ඇරුන ගමන් මම හිනාවක් එක්කම 🌼 "කොහොමද granny...! කෝ Min-soo..? " මම ඇහුවා.👵 "අර කාමරේට වෙලා ඉන්නේ.. මම හිතන්නේ දුව එනකම් බලන් ඉන්නවා."
🌼 "අද මම මෙහේ නවතින නිසා මට හිස් අතින් එන්න බෑනෙ. මම අර super market එකෙන් රෑ කෑමට දෙයක් ගෙනාවා."
👵 "අනේ... මොකට මහන්සි වුනාද..? "
🌼 "අයියෝ granny, මමත් මෙහේ නිතර යන එන කෙනෙක්නේ.. මෙහෙත් මගේම ගෙදරක් වගේ.. මම කරදර වුනාම මොකද?"
👵 "අනේ මන්දා ඉතින්.. හා හා.. අරක කෑ ගහන්න කලින් යන්න."
🌼 "Granny, මම එන්නම් ඕවා හදන්න උදව් කරන්න."
👵 "හා.. හා.. යන්න දැන් ඉතින්.."
මම කෙළින්ම ගියේ Min-sooගේ කාමරයට.🌻 "ආ Yeo-ni... හා... හා.. හචින්..!" Min-soo කිවිසුමක් එක්කම මාව පිළිගත්තා.
🌼 "හම්මා... කෙල්ලට හොදටම අමාරුයි වගේ. "
🌻 "මේ මට ඔය ටිෂූ ටික පොඩ්ඩක් ලං කරනවාද..?"
මම මේසේ උඩ තිබුන ටිෂූ ටික ඇද උඩ වාඩිවෙලා bedsheet එකකින් ඔලුවේ ඉදන් වහන් ඉන්න Min-sooගේ අතට දුන්නා.
🌻 "Thank you බං. ඉතින්.. අද මොකෝ වුනේ..?"
🌼 "අහ්..! මාව Chan-gun අදුන ගත්තා."
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.