හැමදේම වෙනස් වෙන්නවා වගේ දැනුනා. ජීවිතේ හොදම හැගීම ආදරය කියලා දැනුනා. ඒත් හැම ආදර කතාවකම වගේ මගේ ආදර කතාවටත් නපුරක් ආවා.
🐨 "Yeo-ni, ඒ... කම්මැලි කෙල්ල නැගිටිනවා." Namjoon oppa මාව අවදිකළා. යන්තමින් මම ඇස් ඇරලා බැලුවා. Namjoon oppa එයාගෙ පපුවෙන් මගේ අත තියාගෙන මාව තුරුල් කරන් ඇදේ වැතිරිලා හිටියා. මේසෙ උඩ තියෙන ඔරලෝසුව දිහාවට අත දික්කරලා "දැක්කාද වෙලාව...?" මගෙ දිහා ඇස් ලොකු කරලා බලලා ඇහුවා.
🌼 "පරක්කු වෙලා..." මම නැගිටින්න උත්සාහ කළා.
🐨 "ඉන්න..." Namjoon oppa තොල් තියලා මගේ නළල kiss කරලා මාව අතහැරියා. මම ඇදෙන් පහළට පැන්නා.
'මට හොදටම පරක්කු වෙලා... මෙච්චර වෙලා මට නින්ද ගියේ කොහොමද?'
🌼 "Oppa, ඔයා ලෑස්තියි වෙන්න මම tea එකක් හදන්නම්."
🐨 "මෝඩි දැන් ඒකට වෙලාවක් නෑ. ඔයත් ලෑස්තියි වෙන්න. අපි මගදි මොනවා හරි අරන් බොමු."
මමයි, Namjoon oppaයි ඉක්මණින් ලෑස්තිවෙලා bighit එකට යන්න පිටත් වුණා.
🐨 "Yeo-ni, අපි Min-soo, Yuri දෙන්නවත් අරන් යමු. Call එකක් දෙන්න එයාලට." Namjoon oppa කිව්වා.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.