🌻 "ඔයාට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාට අහන්න ප්‍රශ්න තෙයේද?" Min-soo, Namjoonගෙන් ඇහුවේ කුතුහලයෙන්.
🐨 "ඔව්... කෝ Chan-gun?"
🌻 "තාම එයා ගැන හිතනවා නේද? එයා මෙහේ නෑ..."
🐨 "මෙහෙ නෑ...!? එහෙනම් කොහෙද?"
🌻 "එයාව එයාගෙ දෙමව්පියෝ ගෙනිච්චා. ඒ කියන්නෙ Yeo-niගේ තාත්තායි, කුඩම්මායි."
🐨 "ඇයි ඒ...? මම නොදන්න මොකක්ද උනේ...?"
🌻 "එයා දවස් තුනක් ඇදකට වෙලා හිටියා කියලා ඔයා දන්නවාද? නෑ නේද? එයාව මල්ලි කාමරය ඇතුලේ දවස් තුනක් හිර කරන් හිටියා. ඒ ගැන ඔයා හොයලාවත් බැලුවද?"
🐨 "මොනවද ඔයා මේ කියවන්නේ..?"
Min-soo හැමදේම කිව්වා. දැන් වෙනකන් කතාවම කිව්වා. විනාඩි පහක් ඉල්ලගත්තාට Min-soo, Yeo-niගෙන්. කතාව ඉවර වෙනකොට පැයක් විතර ගිහින්.
🐨 "ඔයා කියපු සේරම ඇත්තනම්.. ඇයි එයා මට නොකිව්වේ...?"
🌻 "ඔයා එයාගෙන් ඇහුවද?"
🐨 "නෑ... මම කළේ මගේ දුක එයාගෙන් පිට කරපු එක..." Namjoon ඇස් අඩවන් කරගත්තා. Min-soo වාහනේ දොර ඇරලා වාහනෙන් බැස්සා.
🌻 "හොදයි... මම මගේ යුතුකම කළා. ඉතුරුවා ඔය දෙන්නා අතේ... මම කියපුවා විශ්වාස නැත්තම් හොයලා බලන්න." එහෙම කියලා Min-soo, Yeo-ni හොයන් ගියා.
Namjoon බර කල්පනාවකට වැටුනා.
'ඒක ඇත්නම්... මම කලබල වුණා වැඩිද?... මම මේකේ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි.' Namjoon කෙළින්ම වාහනය drive කරන් එයාලගේ නවාතැනට ගියා.
ESTÁS LEYENDO
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanficආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.