🌻 "Yeo-ni, Yuri... අපිට වෙන්වෙන්න වෙනවා." Min-soo කිව්වාම අපේ ඇස් උඩ ගියා.
🌼 "විහිළු කරන්න එපා බං." මම කිව්වේ කළබලෙන් වගේම අවිශ්වාසයෙන්.
🌹 "ඔව්... අනේ.. ඕවා හොද විහිළුවක් නෙවෙයි." Yuri මූණ අදුරු කරගත්තා.
🌻 "තාත්තා මට කිව්වා අම්මා වෙන කසාදයක් කරගෙන මාස ගානක ළමෙකුත් ඉන්නවා කියලා. තාත්තා බදින්නෙ නෑ කිව්වා. ඒත් තාත්තාට මාව එක්කන් මෙහෙන් යන්න ඕනි කිව්වා. තාත්තා හදන්නේ මාවත් අර එයා ඉන්න රටට යන්න. එයාට ඒක ලේසි කිව්වා. අම්මාට තවදුරටත් මාව ඕනි නෑ කිව්වාලු. ( ඒ ටික කියනකොට මම කවදාවත් අඩනවා නොදැකපු Min-sooගේ ඇස් වල කදුළු පිරුණා. ) මම යන්න තීරණය කළා. මට සමාවෙන්න ඔයාලාව දාලා යන්න වෙනවාට..." Min-soo ඔලුව පහත් කරගෙන අඩන්න පටන් ගත්තා. මට වචනයක්වත් කියාගන්න බැරුව ගොලු වුණා. Yuri, Min-sooව බලාගෙන වැළපෙනවා.
🌻 "Yeo-ni.." Min-soo මට කතා කලා.
🌼 "ඇහ්... ඇයි?"
🌻 "ඇයි නිශ්ශබ්ද?"
🌼 "මට හිතාගන්න බැ.. මමයි Yuriයි තනිවෙනවා ආයෙත්..." මට කදුළු ඉනුවා. අපි තුන්දෙනාම බදාගෙන ඇඩුවා. අපි අඩලා ඉවර වුණාට පස්සෙත් අපේ ඇස් රතුවෙලා ඉදිමිලා. 'මම මේ තරම් කාලෙකට මෙච්චර ඇඩුවමයි.' අපි හවස university එකෙන් එනකොට මට මගදි Chan-gun හම්බවුණා. ඒ වෙලාවෙ මාත් එක්ක Yuri, Min-soo දෙන්නාම හිටියා. Chan-gun කිසිම බයක් නැතුව මගේ ඉස්සරහට ආවා.
🍁 "Yeo-ni, ඇයි ඇස් රතු වෙලා...?" Chan-gun මගෙන් ඇහුවා.
🌼 "ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑනේ..?" මම කිව්වා.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.