Jimin පාර මාරුවෙන තැන වාහනය නවත්තන් මිනිස්සු පාර මාරුවෙන දිහා බලන් ඉදලා call එක cut කලා.
🐤"මම පොඩ්ඩක් පරක්කු වුණා අද. දැන් ඉතින් දේශනා තියයි කට්ටිය මට." Jimin තමන්ටම කියාගත්තා.
Jimin හදිස්සියේම දැක්කා කෙල්ලෝ ටිකක් වේගෙන් දුවගෙන එනවා. ඒ පස්සෙන් කොල්ලො රංචුවකුත් දුවන් එනවා. Jimin තව ටිකක් උනන්දුවෙන් ඒ දිහා බැලුවා.
'මම අදුරන අයද ඒ..?'
'දෙයියනේ Min-soo...!' Jimin ට කියවුනා.
* * * * * * * * * *
🌼 "කට්ටිය අර signal අයින් වෙන්න ලගයි. ඉක්මණට පාර පැනගමු."
🌹 "එයාලට අපි අහුවුනොත් මරයි."
🌼 "මැරෙන එක ගැන නොහිතා දුවනවාලා."
'මගේ හදවත එකසිය ගාණට ගැහෙනවා. ඒත් මුන්ට අහුවෙනවාට වඩා හොදයි වාහනයකට යට වෙනවා.' මම Min-sooගේ අතින් අල්ලගත්තා. දෙන්නාවම ඇදගෙන මම පාර පැන්නා. එක පාරටම අපි පාර මාරු වුණ ගමන් ලොකු වාහනයක් පාර මාරුවෙන තීරුවට වාහනය අරන් නැවැත්තුවා. ඒ වාහනේ ඉස්සරහට ආපු නිසා අර කොල්ලො මිනිත්තුවකට නතර වුනා. ඒ වාහනේ දොර ඇරුනා.
🐤 "ඉක්මණට නගින්න." Jimin කෑ ගැහුවා.
අපි ඉක්මණට වාහනයට නෑගත්තා. එතකොට Segunට තේරුණා අපි පැනගන්න හදන්නේ කියලා. Segun, Jiminගේ වාහනේ window එකට තට්ටු කලා.
🌼 "Jimin, කරුණාකරලා වදින්නම්. ඉක්මණට යමු." Jimin මම දිහා හැරිලා බැලුවා. අපේ වාසනාවටම ඒ වෙලාවෙ Green light වැටුනා. Jimin දෙපාරක් නොහිතා වාහනය ඉක්මණට drive කරා. Segun පාරෙන් අයිනකට වුණත් හයියෙන් කැ ගහලා අපිට ශාප කරන හඩ අපිට ඇහුනා. මම Yuri එක්ක පිටිපස්සෙ sheet එකේ වාඩි වුණා. Min-soo, Jiminට එහා පැත්තෙන් වාඩි වුණා. ඒක ඒ වෙලාවෙ පණ බේරගන්න වාහනයට නගිද්දි නොසිතා වුණ දෙයක්. Yuri මාව බදාගෙන හිටියා. එයාගේ හදවත වේගෙන් ගැහෙනවා මට දැනුනා. මම ටික වෙලාවක් නිහඩව හිටියා. Jimin අපෙන් ඒ වෙනකන් මොකුත් ඇහුවේ නෑ. ඒත් එක පාරටම හයියෙන් වාහනේ break එක පැගුවා. මම ඉක්මණට ඉස්සරහා sheet එකට අත තියලා මූණ ඉස්සර sheet එකේ වදින එක නවත්තගත්තා.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.