CAN YOU STILL LOVE ME episode 07

236 58 5
                                    

'හ්හා..' මම පිටිපස්ස හැරිලා බැලුවා.

🌻 "මොකෝ..! හොල්මනක් දැකලා වගේ.. මේ මම.." Min-soo මගේ කරින් අත තියන් හිනාවෙලා මම දිහා බලලා කිව්වා.

🌼 "අහ්.. ඔයාද? මම බයවුනා."

🌻 "මොකෝ බයවෙන්නේ?"

🌼 "නිකන්.." මම බය වුනේ ඇත්තටම ඇයි කියන්න මටත් තේරුනේ නෑ.

🌼 "ඒක නෙවෙයි ඇයි ඔයා අද මෙතන..?" මම Min-sooගේන් ඇහුවේ කුතුහලයෙන්.

🌻 "ඇයි? මම job එකට යන්නෙ නැද්ද?"

🌼 "Job එකට!" මට පුදුමයි. මම හිතුවේ එයා තාත්තා එක්ක ආපහු යන නිසා job එකට නොයා නතරවුනා කියලා.

🌼 "ඔයා job එකට ආයෙත් එයි කියලා මම හිතුවේ නෑ. ඔයා තාත්තා එක්ක යනවා කිව්වානේ..?!"

🌻 "මම යන්නෙ නෑ. තාත්තාට මම කිව්වා එයාලා මෙච්චර කාලයක් මගෙන් ඈත් වෙලානේ හිටියේ. ඒ විදිහටම ඉන්න කියලා. මට දැන් Grannyව දාලා කොහෙවත් යන්න බෑ කොහොමත්. ඔයාලා නැතුව මට ඉන්නත් බෑ. ඒ නිසා මම නවතිනවා කියලා. තාත්තා මුලින් මාත් එක්ක රණ්ඩු වුණා. ඒත් පස්සේ තාත්තා තේරුම් ගත්තා මම තීරණය වෙනස් කරන්නෙ නෑ කියලා."

🌼 "ඒක සුභ ආරංචියක්. ඒත් මට දුකයි Min-soo.. ඔයාට තාත්තා එක්ක යන්න තිබුනා. Grannyව මට බලාගන්න පුළුවන්නේ. ඔයාට තාත්තා ලග ඉන්න ලැබෙනාවනේ."

🌻 "කමක් නෑ... Yeo-ni.. ඔයාලාත් මගේ පවුල තමා. Yuriට එහෙම මම ඕක කිව්වා කියන්න එපා. ඊට පස්සේ මට ඕකිව ඒපාවෙනකම් ඕකි මැරෙන්න හදයි." Min-soo අදහස් කලේ Yuri එයාට ආදරෙන් සළකනවාට එයා අකමැති නිසයි. එයා ආදරේ කරන්න ගත්තම එපා වෙනකම්ම එයාගේ ආදරේ.

🌻 "Yeo-ni, අර ඉන්නේ Chan-gun නේද?"

🌼 "ඔව් මම දැක්කා. එයා කොහොමද දන්නේ අපි මේ bus stand එකට එනවා කියලා."

🌻 "එයා දැනගෙන එන්න නැතුව ඇති."

🌼 "නෑ.. එයා මම එන මග බලන් හිටියා."

🌻 "එහෙනම් එයා ඔයාව follow කරනවා වෙන්න ඇති."

අපි bus එකක් එනකම් ඉදලා bus එකට නැග්ගා. ඒ bus එකටම Chan-gunත් නැග්ගා. එයා අපි එක්කම bus එකෙන් බැස්සා. එයා අපි පස්සෙම එනවා. අපි bighit entertainment එකට ඇතුලට යනකම් එයා එළියේ ඉදන් බලන් හිටියා.
අපි ඇතුළට ගිය ගමන් Min-soo කතාව පටන් ගත්තා.

CAN YOU STILL LOVE ME  🔺🔻 COMPLETED 🔻🔺Where stories live. Discover now