🐨 "මම අද Yeo-niට කෑමකට යන්න කතා කරනවා." Namjoon, Jinට කිව්වා.
🐑 "ඔයා හිතනවාද? එයා කැමතිවෙයි කියලා." Jin ඇහුවා.
🐨 "එයා මාව යාළුවෙක් විදිහට විශ්වාස කරනවා. මම එයාගෙන් අහන්නම්. එයා එයි. මම එයාට කියනවා."
🐑 "මොකක්ද?"
🐨 "මම එයාට ආදරෙයි කියනවා."
🐑 "එයා පිළිගනීද? එයා කැමතිවෙයිද?"
🐨 "එයා මට ආදරේ කරනවා ඇති. මට ඒක දැනෙනවා. එයා මාත් එක්ක නිතරම කතා කරනවා. එයාගෙ රහස් මාත් එක්ක කතා කරනවා. මම කතා කරේ නැතත්. දවසකට එක පාරක් හරි call කරනවා."
🐑 "එයා ඔයාව රවට්ටන්නේ නෑ කියලා විශ්වාසද Joonie..."
🐨 "මම විශ්වාස කරනවා."
හවස අපි Yuriව එක්කන් එන්න ගියා. එයා ලෑස්තිවෙලා හිටියා. එයත් එක්ක අපි Min-soo ගේ ගෙදර ගියා.
* * * * * * * * * *
🐨 "Yeo-ni..." RM මගේ අතින් අල්ලගත්තා.
🌼 "ඔහ්.. Namjoon oppa..!"
🐨 "අද හවස.. මාත් එක්ක රෑ කෑමකට.. මාත් එක්ක රෑ කෑමකට යමුද?" Namjoon හරිම අපහසුවෙන් මගෙන් ඇහුවා.
🌼 "රෑ කෑමකට..." මගේ ඇස් උඩ ගියා.
'මට රෑ කෑමක යන්න මීට කලින් කෙනෙක් කතා කරලම නෑ.. මේ මගේ පළවෙනි වතාව.' මට හිතාගන්න බැරුව ගියා.
මම ඒ වෙලාවෙ office එකේ හිටපු නිසා Namjoon oppaගේ නමින් කතා කරන එක අපහසුතාවයක් නිසා මම එයාට ගෞරව නාමයෙන් කතා කලා.
🌼 "සර්, මට ඒක ගෞරවයක්."
🐨 "ඒ කියන්නේ ඔයා කැමතියිද?"
🌼 "ඔව් සර්.."
🐨 "අද රෑට.. මම එන්නම් ඔයාව Pick කරන්න. මට Loction එක send කරන්න."
🌼 "ඒත්..."
🐨 "මම යනවා.. මම එනවා හවසට..." Namjoon අතවනාගෙනම යන්න ගියා.
* * * * * * * * * *
🌼 "Min-soo, මට ආරාදනාවක් ආවා.."
أنت تقرأ
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
أدب الهواةආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.