මමත් Namjoon එක්ක එයාගෙ පස්සෙන්ම එයාගෙ office එකට ගියා. Namjoon මම ඇතුළට ආපු ගමන්ම එයාගේ office එකේ door එක ඇතුළින් lock කළා.
🐨 "ඉදගන්න. අපි කතා කරන්න ඕනී.." Namjoon මට සැටියෙන් වාඩිවෙන්න පෙන්නුවා. මමත් වාඩිවෙලා Namjoonගේ මූණ දීහා බැලුවා. Namjoon කාමරේ දෙතුන් සැරයක් බරට අඩිතියලා ඇවිද්දා. මම සද්ද නොකරම එයා දිහා බලන් හිටියා. එයා එයාගේ නළල දෙතුන් සැරයක්ම අතගෑවා. එක පාරටම මගේ පැත්තට හැරිලා මගේ ලගට ආවා. එයා පුටුවක් ඇදලා මගේ ඉස්සරහින් තියලා ඒකෙ වාඩි වුණා. වාඩිවෙලා මගේ අත් දෙකෙන් අල්ලලා අත්දෙක එකතු කළා.
🐨 "ඔයාට බනින්න ඕනි නෑ මට. ඒත් Yeo-ni, ඇයි ඔයා මේ වගේ දෙයක් කළේ..? මට නොකිව්වේ..? මම ඔයාගේ කවුරුත් නෙවෙයිද?" Namjoon මගේ ඇස් දිහා කෙළින් බලාගෙන ඇහුවා.
🌼 "මම දන්නවා. මම මෝඩ වැඩක් කළේ... oppaට කියන්න බෑ.. ඒක ඔයාට ප්රශ්නයක් වෙනවාට මම කැමති නෑ.. අපි ආදරය කරන අයට අපි ගොඩක් බලපෑම් කළොත් එයා අපිව දාලා යන්න ඉඩ තියෙනවා. හරියට..." මම මගේ කතාව මගකට නතර කළා..
🐨 "හරියට... හරියට මොකක්ද?" Namjoon මගේ මුහුණට එඹුනා.
🌼 "හරියට මගේ තාත්තාට අම්මා දාලා යන්න හිතුනා වගේ..." මම සබ්දය අඩු කරලා කිව්වා.
ටික වෙලාවක් නිහඩව හිටපු Namjoon මගේ කම්මුලෙන් අත තිබ්බා.
🐨 "කවදාවත් ඇත්තට ආදර කරපු කෙනෙකුට.. මොනවා වුණත් ඒ ආදරය කරපු කෙනා දාලා යන්න හිතෙන්න විදිහක් නෑ.. ඔයා ඒක තේරුම් ගන්න ඕනි.." Namjoon හිනා වුනා. මගේ හිත අමුතු සතුටකින් පිරිලා ගියා. මමත් හිනා උනා හිත පුරා ඇතිවුණ සතුටින්...
ESTÁS LEYENDO
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanficආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.