....................TAEHYUNG's pov..................
බැංකු කෙල්ල... ඇයි ඔයා මෙච්චර මගෙ හිතට ඇවිත් වද දෙන්නේ....
කන්ග් හ්වාමින්... මං ඔයාගෙ නම දැනගත්තෙත් අද.. ඔයා මගේ හිතේ හොබී හ්යොන්ග් ගැන තියෙන ඊරිසියාව තව වැඩි කරන්නෙ ඇයි...
මට දීපු වැඩේනේ මං හොබී හ්යොන්ග්ට දුන්නෙ මගේ තියෙන කම්මැලිකම නිසා..
ඇයි.. ඇයි මං ඒ මෝඩකම කලේ...
එහෙනං මංනෙ අද ඔයාව අඳුනගන්නේ...කමක් නෑ.. ඒකෙල්ල අනිත් අය වගේ නෙවේනේ.. හොබී හ්යොන්ග්ව හොඳට බලා ගනී.. ඒ ගැන හිතලවත් මං සතුටු වෙන්නෝන...
දැං එයාගෙ කකුල හොඳද දන්නැ....
ඒත් එක්කම ඇහුනෙ ජිමිනුයි ජංග්කුක් යි දොර කඩන්න හදන සද්දයක්..
TAE : මොකද ඕයි මේ දොර කඩන්න හදන්නේ...
JM : මොකෝ... අද වේලාස්සන නිදාගන්නද හදන්නේ..
TAE : ඇයි මොකෝ කේස් එක..
JK : අන්න අරෙහෙ ජූනා මැරෙන්න හදනවා හෙටයි අනිද්දයි විතරයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නෙ කියලා...
TAE : අප්පට.. ඔව් නේ...
JM : වරෙං යන්න...
අපි තුන්දෙනාම ප්‍රැක්ටිස් රූම් එකට ගියා.. යනකොට හ්යොන්ග්ලා ටික මං දිහා කන්න වගේ බලං හිටියේ.
TAE : ඇයි උඹලා ඔහොම මං දිහා බලං ඉන්නේ....
YOONGI : උදේ හිනාවෙලා හිටපු මිනිහගෙ මූණ නිකං මැලවිලා ගිහිං වගේ නිසා බැලුවේ...
JIN : තේහ්යොනා... අසනීපයිද..
TAE : නෑ..නෑ... හ්යොන්ග්.. එහෙම අවුලක් නෑ..
NAMJOON : එහෙනං පටං ගමු...
අපි කොහොමහරි පැයක් විතර එකදිගට ප්‍රැක්ටිස් කලා.. අම්මේ... හැමෝටම කටිං පණ ගිහිං ඉන්නේ.. කරන්න දෙයක් නෑ.. කොහොමත් කොන්සට් එකක් ලං වෙද්දි අපි බාගෙට මැරිලා ඉන්නේ.. කොන්සට් එකෙං පස්සේ දවසේ නිකං ඉතිං කට්ටිය ඇවිදින මළමිණී වගේ තමා ඉන්නේ...
NAMJOON : දන්නවනේ අපිට තව දවස් දෙකයි තියෙන්නේ.. හොඳට ප්‍රැක්ටිස් කලොත් තමා ප්‍රශ්නයක් නැතුව කොන්සට් එක කරං යන්න පුලුවං වෙන්නේ..
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fanfiction"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා...