....................... No one's pov ........................
ජංග්කුක් එකපාරටම තරහා ගිහිං වගේ පුටුවෙන් නැගිට්ටා...
JK : හ්යා.. තමුන්..
ජංග්කුක් ඒ කතාකරපු විදිහට හ්වාමින් ගැස්සුනා.. ඒවගේම බයවුණා..
JK : තමුන්..
Hwa Min : අනේ ඔප්පා මට සමාවෙන්න..
ජංග්කුක් තව මොනවත් කියන්න කලින් හ්වාමින් බිම බලංම උත්තර දුන්නා..
JM : හහ්... මේ බලන්නකො.. සමාවෙන්නලු.. තමුන් කලේ සමාව දෙන්න පුලුවන් සයිස් එකේ වැරදිද.. ආ..
මුලින්ම අපේ මේ බැබලි බැබලි ඉන්න හොබී හ්යොන්ග්ට ගෝනිබිල්ලා කියලා අපහාස කලා..ජිමින් ඒක කියපු ගමන්ම නම්ජූන්ට හිනා ගියා.. ජිමින් ඔරෝලා බලපු නිසා ජූන් අමාරුවෙන් හිනාව නවත්ත ගත්තා..
ඒත් ඒ වෙලාවේ කෙල්ලට නම් මේ කිසිම දෙයක් තේරේන මූඩ් එකක් තිබ්බෙ නෑ.. එයා හොදටම බය වෙලා බිම බලං හිටියේ..
ඒත් එක්කම ඉතුරු ටික ජංකුක් පටන් ගත්තා...
JK : ඇයි ටේ හ්යොන්ග්ගේ බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකට කබල කිව්වේ..
Hwa Min : අනේ මං ඒ ඔයාලා කියලා දන්නවනං කීයටවත් එහෙම කියන්නැ.. අනේ මට සමාවෙන්න...
JK : තමුන් අපේ හ්යොන්ග්ලට කරපු දේවලට තමා මේ ප්ලෑන් කරලා , මෙහෙම හොබී හ්යොන්ග්ව තමුන්ගෙ යාළුවෙක් කලේ..
ජංකුක් ඒ කියපු දේට හ්වාමින් හොඳටම බයවුනා.. කොටින්ම කිව්වොත් කෙල්ලගේ ඇස් වලට කදුළු ආවා..
JIN : හ්යා..හ්යා... උඹලට ඕන මේ කෙල්ල ආපු දවසෙම අඬවන්නද.. නවත්තගනිල්ලා දැං වත් ඔය රඟපෑම....
ජින් එහෙම කියද්දි හ්වාමින් ඔලුව උස්සලා බැලුවේ පුදුමෙන් වගේ...
ඒත් එක්කම මෙච්චර වෙලා රතු කට්ට එකසිය ගානට පැනලා වගේ හිටපු ජිමිනුයි ජංග්කුක්යි බඩ අල්ලං හිනාවෙන්න ගත්තා...
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fanfiction"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා...