CHAPTER 20

33 3 5
                                    

........ Next day Morning 🌄 ..........

..........Hwa Min's pov.............

දවල් කෑම හීසන්ග් ගානෙ කියලා කිව්ව නිසා මං චුට්ටක් පරක්කු වෙලා නැගිට්ටේ.. මොකෝ මහ පාන්දර නැගිටලා උඩ බලං ඉන්න ඈ....

ලෑස්ති වෙලා අටයි පහට විතර ගෙදරින් එලියට බැස්සෙ සුපුරුදු පරිදි බැංකු පොජ්ජට ජොගින් පොජ්ජක් මංගච්චන්න...
අද ඉතිං සෙනසුරාදා නේ.. සෙනසුරාදාට අටහාමාර දොළහමාර නිසා අවුලක් නෑ ඉතිං...

හැමදාම වගේ මං ජොගින් ඔප්ෂන් වලින් තෝරගත්තෙ රනින් තමා... මොකෝ අන්තිම මොහොතෙ ගෙදරින් එලියට බැහැලා ඉබිගමනින් යන්න ඈ... යන්න නම් තිබ්බා , ඒ අපේ අප්පගෙ බැංකුව නම්..  මොනාකරන්නද ඉතිං..

හ්වාමිනා... දැං දුවමු..

මගේ දිවීමෙ වේගයයි , පාරේ හිටපු මිනිස්සු ප්‍රමාණයයි එක්ක මට අටයි විසි අට වෙද්දි  බැංකුවට යන්න පුළුවන් උනා..
.
.
.
.
.

ෂ්.. ෂ්.. හීසන්ග්...

Heeseung : අහ්..ඇයි...

ආ.. අල්ලගන්න..
එනගමන් මගදි කඩයක් ගාව බ්‍රේක් ගහලා අරගත්ත ස්ට්‍රෝබෙරි ෂේක් එකක් මං එයාට පාස් කලා..

Heeseung : ඔහ්..

කොල්ලා දස්සයා පැනපු ගමන් අල්ල ගත්තා...

Heeseung : ස්ට්‍රෝබෙරි... හ්යා... මං ආසම..

මට හිතුනා...

Heeseung : ඒ කොහොමද ඒ...

නෑ... හිතුනා ඉතිං.. මූණත් හරියට ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේනේ..

Heeseung : හ්යා..   ඇත්තටම ස්ට්‍රෝබෙරි ඊස් මයි ෆේවරිට්... තෑන්ක්ස් හොදේ...

හරි හරි.. දවල් කෑම එකට දැම්මම ගෙව්වයි කියලා හිතාගන්නකෝ ..

ඇත්තම කිව්වොත් අපිට සෙනසුරාදට ලන්ච් ටයිම් එකක් නෑ... මොකද දොළහ මාර එක විතර වෙනකොට වැඩ ඉවරයිනේ.. ඒත් ඉතිං අපි එහෙම එකක් අරගන්නවා... මංදා ඉතිං..
.
.
.
කොහොමහරි එකොළහ මාරට විතර අපි ගියා කෑම කන්න.. අද හීසන්ග් ගානේ රාමේන් නේ ඉතිං..

අපි අද රාමේන් කන තරඟයක් තිබ්බා.. වැඩක් නෑ... අද තරඟෙ වීරයා හීසන්ග්..  මොනාකරන්නද , මගේ කටේ සද්දෙ තිබ්බට එච්චර ලොකු නෑනේ.. ඒකට හීසන්ග්... ඒකා කටවල් හතරක් කද්දි රාමේන් එක ඉවරයි..

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now