CHAPTER 15

134 21 16
                                    


Hwa Min : මාස්ක් එකක් නිසා.... ඒ කොහොමද...

Namjoon : ඒක ස්පෙශල් මාස්ක් එකක්...

Jin : ඉන්නකො මං කියන්නම්...
ජින් කතාවට මුලපිරුවා...

Jin : මීට අවුරුදු නවයකට විතර කලින්, ඒකියන්නෙ අපි ඩෙබියුට් වෙන්න කලින් අපි ග්වන්ජුවල තිබ්බ වර්ක්ශොප් එකකට ගියා.. වර්ක්ශොප් කිව්වට ඒක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්... දවස් පහක එකක් නිසා අපි නැවතිලා හිටියේ සී හ්යුක් පීඩීනිම්ගෙ යාළුවෙක්ගෙ ගෙදර..

හතරවෙනි දවසේ , ඒකියන්නෙ සෝල් වලට එන්න කලින් දවසෙ අපිට රෑට කන්න තිබ්බෙ රාමෙන් විතරයි.. සී හ්යුක් පීඩීනිම්ට කරදර කරන්නත් බෑ මොකද ඒකාලෙ කම්පැනි එකේ ගොඩක් ප්‍රශ්න. ඉතින් ඒටික ලෑස්ති කරලා කට්ටියට කතාකලා.. ඒත් එක්කම දොරට කවුද තට්ටුකරපු නිසා ජංකුක් ගිහින් දොර ඇරියා. අවිත් හිටියෙ වයසක ආච්චිකෙනෙක්.. එයා කන්න මොනාහරි දෙයක් දෙන්න කියල ඉල්ලුවා.. අපිත් එවෙලෙ කන්න ලෑස්තිවෙලා හිටපු නිසා එයාටත් අපිත් එක්කම කන්න කතාකලා. මොකෝ ඒ අසරණ මනුස්සයව හරෝලා යවන්නයැ.. රාමෙන් වැඩිය තිබ්බෙත් නෑ. ඒත් අපි ඒටික බෙදං කෑවා..

JM : ඒ මනුස්සයා යන්න ගියේ අපි හත්දෙනාට නොසෑහෙන්න පින් දීලා...

Hwa Min : අනේ කොච්චර හොඳ දෙයක්ද..

Jin : පස්සේ අපිත් අස්කරල නිදාගත්තා. ආයෙ සෝල් එන්න තිබ්බ නිසා.. පහුවදා යන්න ලෑස්ති වෙලා දොර ඇරියා වාහනේට බඩු ටික දාන්න.. එතකොටයි දැක්කේ දොරගාව බිම පාර්සලයක් තියෙනවා. ඒකෙ තිබ්බේ ලියුමකුයි තව බෑග් එකකුයි...

ඒ ලියුමෙ තිබ්බ හැම අකුරක්ම තාම ඒවිදිහටම මට මතකයි...

'ඔයාලට මේක දැන්ම ඕන වෙන එකක් නෑ.. නමුත් තව අවුරුදු හතකින් විතර මේකෙ වටිනාකම තේරේවි... මතක තියාගන්න ඔයාලගෙ දියුණුවේ යතුර තියෙන්නේ ඔයාලා ලඟමයි.. කවදාවත් වෙන්වෙන්න එපා.. ඒක ඔයාලගෙ දියුණුවේ යතුර නැති කරගැනීමක් වෙයි.. හැමදාම එකටම ඉන්න....'

"සුලඟ කෙතරම් ප්‍රචණ්ඩව හැමුවද පූදින්නට ඇති පොහොට්ටුව කෙදිනක හෝ පිදේවී, ලස්සන කරන්නට මුළු විශ්වයම...."

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now