-" ඇල්ෆා.. ඔබතුමිය මුනගැහෙන්න බැන්ග්ටන් පැක් එකෙන් කෙනෙක් ඇවිත්.. "
මීහා මයින්ඩ් ලින්ක් එකෙන් එකපාරටම කිව්වම ෆයිල් වගයක් කියව කියව හිටපු මාව ගැස්සිලා ගියා.. පැක් එකේ නායකයා වෙලා අවුරුද්දක් වෙලත් මට තාම මේ මයින්ඩ් ලින්ක් එකේ වැඩේ හුරු නෑ.. මුන් එකපාරටම කතා කරන සැරේට මාව ගැස්සිලා යනවා..
බැන්ග්ටන් පැක්..
මම පෑන කටේ ගහගෙන කල්පනා කලා..ඔහ්.. බැන්ග්ටන් පැක්.. යුන්ගි ඔප්පගේ පැක් එක.. මම කල්පනා කරන ගමන් ආයෙම මයින්ඩ් ලින්ක් එකෙන් මීහාව සම්බන්ධ කර ගත්තා..
-" එයාව ටිකක් රස්තියාදු කරවලා විනාඩි 20කින් විතර මගේ කැබින් එක ඇතුලට එවන්න.. "
-" හරි ඇල්ෆා.. "
මම ඔෆිස් මේසේ කබඩ් එක ඇරලා එකේ තිබුන පොඩි පෙට්ටියක් අතට ගත්තේ කල්පනා කරන ගමන්මයි..
කන්ග් මීරා.. මගේ උන්නි.. මින් යුන්ගි ඔප්පාට එයාව මේට් උනු නිසා මගේම පැක් එකේ අය මරලා දැම්ම මගේ එකම උන්නි.. මේ පෙට්ටියේ තිබුනේ එයාව මතක් වෙන්න මට තිබුනු එක දෙයක්. ඇත්තටම කිව්වොත් දෙවනි දේ.. දැන් ඒක ගෙනියන්න කෙනෙක් ඇවිත්..
මම පෙට්ටිය ඇරලා ඇතුලේ තිබුනු ලී වලින් කැටයම් කරපු බ්රේස්ලට් එක අතට ගත්තා.. ඒක යුන්ගි ඔප්පා මගේ උන්නිව මාක් කරපු දවසේ එයාගේ අතට දාපු එකක්.. එයා මැරෙන වෙලාවේ මේක තිබුනේ එයාගේ අතේ ගුලිවෙලා.. මේක මම ගාව තියන බව දැනගත්ත ගමන් යුන්ගි ඔප්පට මේක ආයේ ඕන උනා.. මේ බ්රේස්ලට් එක එයාට දෙන එක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් ඔප්පා දැනගත්තොත් එයාට අයිති තව දෙයක් මගේ ලග පරිස්සමට තියනවා කියලා එයා ඒ දේත් මගෙන් උදුරගන්න හදාවි..
-" නෑ.. ඒක නම් කොහෙත්ම වෙන්න දෙන්න බෑ.. "
මම බ්රේස්ලට් එක අතේ තද කරලා ගුලිකර ගත්තේ බැන්ග්ටන් පැක් එකෙන් ආපු එකාට මේක දීලා ආපහු ඉක්මනට හරවලා යවනවා කියලා හිතන ගමන්මයි..
එතකොටම ඔෆිස් රූම් එක ඇතුලට කඩාගෙන බිදගෙන ආවේ වීනු..
-" අම්මපා.. ජියා.. ෆෝන් එකක් ගනින්කෝ.. මම වුල්ෆ් කෙනෙක් නෙවෙයිනේ.. උබට කතා කරන්න ඕන ඕන වෙලාවට මේ කන්ද තරනය කරලා උබේ කදු ගැටේ උඩ තියන ඔෆිස් කෑල්ලට බඩ ගාලාම මම වයසට යාවි.. "